2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:13
නවතම පුවත්

කොළඹ මහ නගර සභාවත් ප්‍රතිව්‍යුහගතකරණයට

කොළඹ මහ නගර සභාව ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර පැවසීය.
ඒ අනුව, ඉදිරි අය වැයෙන් පසු මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ආරම්භ කරන බව ද ඊට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අය වැයෙන් ප්‍රතිපූරණය කර ඇති බව ද නාගරික කොමසාරිස්වරයා කීය.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නගර සභාවට අයත් ක්‍රීඩා පිටි වෙන් කරවා ගැනීම, ප්‍රදේශයේ වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ජීවත්වන පවුල් සංඛ්‍යාවට පිළිබඳ තොරතුරු ලබා ගැනීම වැනි ක්‍රමවේදයක් මෙම වැඩපිළිවෙල හරහා හඳුන්වා දීමට කටයුතු කරන බව ද පාලිත නානායක්කාර මහතා කීය.
කොළඹ මහ නගර සභාවේ මානව සංවර්ධන සැලසුමක් සකස් කිරීමට ද, නාගරික ඉදි කිරීම් අධිකාරියක් පිහිටුවීමට ද, කොළඹ තරුණ තරුණියන්ට නගර සභා බල ප්‍රදේශයේ ස්වයං රැකියා සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට ද මේ යටතේ පියවර ගැනේ.

ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට ද කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඉදිකිරීම් පිළිබඳ ප්‍රමුඛතා හඳුනා ගැනීමට වත්කම් කළමනාකරණ ඒකකයක් පිහිටුවීමට ද කටයුතු කරන බව කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර කීය.
පසුගිය දා කොළඹ නගර සභාවේ පැවැති මාධ්‍ය හමුවකදී නානායක්කාර මෙම අදහස් පළ කළේ ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories