හිටපු ක්‍රීඩා, සංචාරක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මෙන්ම සබරගමුව පළාතේ හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක එක්සත් ජාතික පක්ෂයේ උපසභාපති ලෙස පත්කර ඇත.
පළපුරුදු දේශපාලනඥයෙකු වන දිසානායක, එජාප ආණ්ඩුවල ප්‍රධාන අමාත්‍ය තනතුරු හෙබවූ අයෙකි.
සසෙක්ස් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන ඔහු එක්සත් රාජධානියේ මිඩ්ල් ටෙම්පල් හි බැරිස්ටර්වරයකු සහ නීතිඥවරයකු ද වේ.