2025 අගෝස්තු 16 සෙනසුරාදා, 13:02
නවතම පුවත්

එකම අංකයෙන් ධාවනය කළ මෝටර් රථ 2ක්

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් එකම අංකයෙන් ධාවනය කළ මෝටර් රථ 2ක්ද ඊයේ (12) සිය භාරයට ගෙන ඇත. එකම අංකයෙන් යුත් ටොයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථ 02ක් දෙහිවල, කැලණිය හා දළුගම යන ප්‍රදේශවල සැරිසරන බවට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම මෝටර් රථ හමු වී තිබේ.

මෙම මෝටර් රථ සොයගැනීමට හැකිව ඇත්තේ, අදාළ තොරතුර ඔස්සේ ක්‍රියාත්මක වූ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ පොලිස් බුද්ධි නිලධාරින් විසින් සකස් කරන ලද සූක්ෂම සැලසුමකට අනුවයි. එක් මෝටර් රථයක් දෙහිවල මුහුදු මාවත දුම්රිය ස්ථානය අසලදීද, අනෙක් රථය දළුගම මුදියන්සේගේ වත්ත ප්‍රදේශයේදීද සිය භාරයට ගෙන තිබේ.

මෙම මෝටර් රථ දෙකෙන් ව්‍යාජ රථය කුමක්ද යන්න පරික්‍ෂා කිරීම සඳහා අද (13) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර, රජයේ රස පරීක්‍ෂකවරයා මගින් පරික්‍ෂා කරගැනීම සඳහා නියෝග ලබාගැනීමට නියමිතව ඇත.

මේ අතර නීති වීරෝධීව මෙරටට ආනයනය කළ ජීප් රථයක්ද ව්‍යාජ අංක සහිතව තලංගම ප්‍රදේශයේ ධාවනය වන බවට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් එම රථය ද ඊයේ (12) සිය භාරයට ගනු ලැබීය.

මේ වනවිට එම රථ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

නවතම පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories