2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ලියාපදිංචි ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව එක්කෝටි හැත්තෑඑක්ලක්ෂ හතළිස්දහස් තුන්සියපනස් හතරක් (17, 140, 354) බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. මැතිවරණ කොට්ඨාස 22ක ඒ ඒ කොට්ඨාසවල සමස්ත ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව මෙසේය. ඒ අනුව වැඩිම ඡන්ද හිමියන් පිරිසක් සිටින්නේ ගම්පහ මැතිවරණ කොට්ඨාසයේය. එම සංඛ්‍යා 1,881,129කි. කොළඹ මැතිවරණ කොට්ඨාසයේ 1,765,351ක්ද, කළුතර කොට්ඨාසයේ 1,024,244ක් ඡන්ද හිමියන් සංඛ්‍යාවක්ද දැක්වේ.
අඩුම ඡන්ද හිමියන් පිරිසක් සිටින්නේ මුලතිව් දිස්ත්රික්කයේය. එම සංඛ්‍යාව 86,889කි. මැතිවරණ කොට්ඨාසයන් වන මහනුවර 1,191,399ක් ද, මාතලේ 129,991ක්ද, නුවරඑළිය 605,292ක්ද, ගාල්ල 903,163ක්ද, මාතර 686,175ක්ද, හම්බන්තොට 520,940ක්ද, යාපනය 593,187ක්ද, වන්නි 306,081ක්ද, මඩකළපුව 449,686ක්ද,
දිගාමඬුුල්ල 555,432ක්ද, ත්‍රිකුණාමලය 315,925ක්ද, කුරුණෑගල 417,226ක්ද, පුත්තලම 663,673ක්ද, අනුරාධපුරය 741,862ක්ද, පොළොන්නරුව 351,302ක්ද, බදුල්ල 705,772ක්ද, මොනරාගල 399,166ක්ද, රත්නපුර 923,736ක්ද, කෑගල්ල 709,622ක්ද පිරිසක් ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරයි.