2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 08:40
නවතම පුවත්

මෙරට වැඩිහිටියන්ගෙන් තුනෙන් එකකට බ්ලඩ් ප්‍රෙෂර්

අධිරුධිර පීඩනය යනු මේ වනවිට දකුණු ආසියානු කලාපය තුළ දක්නට ලැබෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් වන අතර එය වයස අවුරුදු 70 ට අඩු පුද්ගලයන් අතර වාර්තා වන මරණ සඳහා හේතුවන තත්ත්වයක් ලෙස දැකිය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් බෝ නොවන රෝග පිළිබඳ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ෂෙරීන් බාලසිංහ පෙන්වාදුන්නේ, මෙරට වැඩිහිටියන් තිදෙනකුගෙන් එක් අයෙකුට ආසන්න වශයෙන් අධිරුධිර පීඩනය ඇති බවයි.

එය ආඝාතය සහ හෘද රෝග වැනි දරුණු තත්ත්ව ඇතිවීමේ අවදානම වැඩිකරවන බව පැවසූ වෛද්‍ය බාලසිංහ පෙන්වාදුන්නේ, අධිරුධිර පීඩනය හේතුවෙන් හෘදයාබාධ, වකුගඩු රෝග, අවයව අකර්මණ්‍ය වීම වැනි සංකූලතා ඇතිවිය හැකි බවයි.

නිසි කායික හා මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීමෙන් අධිරුධිර පීඩනය වළක්වාගත හැකිව් තිබේ.

අධික ලුණු භාවිතය නිසාද අධිරුධිර පීඩනය වැඩිවිය හැක.

වකුගඩු අකර්මණ්‍ය වීමට ප්‍රධාන හේතුව අධිරුධිර පීඩනය වන නමුත් ව්‍යායාම සහ සමබර ආහාර වේලක් මගින් එය පාලනය කළ හැකි බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ මිනිසුන් දිනකට පරිභෝජනය කරන ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5ට අඩු ප්‍රමාණයකට සීමාකළ යුතු බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories