හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කරන ආකාරයට සැපයුම පහළ යාම හේතුවෙන් එළවළු වර්ග රැසක මිල ගණන් ඉහළ ගොස් ඇත.
නුවරඑළිය සහ බණ්ඩාරවෙල ආදී ප්‍රදේශවලින් එළවළු සැපයුම පහළ යාම හේතුවෙන් නෝකෝල් හැර අනෙකුත් සියලුම එළවළු වර්ගවල මිල ඉහළ ගොස් තිබේ. එම ආයතනය පවසන්නේ එළවළු මිල ඉහළ යාමේ උපරිම ප්‍රතිශතය සියයට 72 ක් බවයි.
කැරට් කිලෝවක් සියයට 72 කින්ද, ගෝවා කිලෝවක් සියයට 63 කින්ද, ලීක්ස්, රාබු, බීට්රූට් සහ බෝංචි සියයට 10 ත් 21 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.
මාළු මිරිස් කිලෝවක මිලද සියයට 22 කින් ඉහළ ගොස් ඇති අතර, තක්කාලි කිලෝවක මිල සියයට 33 කින් පහත වැටී ඇත.
වැටකොළු මිලද සියයට 32 කින් ඉහළ ගොස් ඇති අතර, අමු මිරිස් මිල සියයට 22 කින් ඉහළ ගොස් ඇත.