2025 අගෝස්තු 16 සෙනසුරාදා, 10:32
නවතම පුවත්

අද සහ හෙට දෙදින කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් සිදුවනු ඇතැයි පොලීසිය නිවේදනය කරයි. ඒ හේතුවෙන් විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද (11) සහ හෙට (12) දිනවල රාත්‍රී 7.30 සිට රාත්‍රී 10.30 දක්වා වීථි සංචාරය කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

පෙරහැර විහාරස්ථානයෙන් ආරම්භ වී ජිනරතන මාවත ඔස්සේ ගමන් කර හුණුපිටිය වැව පාරට හැරී රාමනායක මාවත හන්දියට පැමිණ රාමනායක මාවත ඔස්සේ ජේම්ස් පීරිස් මාවත හන්දිය දක්වා ගමන් කර ජේම්ස් පීරිස් මාවත ඔස්සේ අල්ට්‍රෙයාර් ඇරවනිව් හන්දියෙන් දකුණට හැරී අල්ට්‍රෙයාර් ඇවනිව් ඔස්සේ ස්ටෙපල් වීදිය හන්දිය දක්වා ගමන් කර දකුණට හැරී ස්ටෙපල් වීදිය,බේබෘක් පෙදෙස, බේබෘක් වට රවුම, ජිනරථන මාවත ඔස්සේ ගංගාරාම විහාරස්ථානයට පැමිණීමට නියමිතය.

පෙරහැර පෙළගැසෙන අවස්ථාවේ මාර්ගය තාවකාලිකව වසා තබන ස්ථාන

  • රාමනායක මාවත හුණුපිටිය වැව පාර හන්දිය
  • කොල්වින් ආර් ද සිල්වා මාවත (යුනියන් පෙදෙස) හයිඩ් පාර්ක් කෝනර් හන්දිය

පෙරහැර වීදි සංචාරය කරන අවස්ථාවේ මාර්ගය තාවකාලිකව වසා තබන ස්ථාන

  • බේබෘක් වට රවුමෙන් ජිනරථන මාවතට ඇතුළු වීම
  • ජේම්ස් පීරිස් මාවත ජිනරතන මාවත හන්දියෙන් ජිනරථන මාවතට ඇතුල්වීම
  • හුණුපිටිය වැව පාර රාමනායක මාවත හන්දියෙන් රාමනායක මාවතට සහ පන්සල දෙසට ඇතුළු වීම
  • රාමනායක මාවත ජේම්ස් පීරිස් මාවත හන්දිය.
  • පිත්තල හන්දිය, පෙරහැර මාවත අල්විස් පෙදෙස හන්දිය, මුත්තයියා පාර, ස්ටෙපල් වීදිය හන්දිය, ස්ටෙපල් වීදිය අල්ට්‍රෙයාර් ඇවනිව් හන්දිය, නවම් මාවත, ජේම්ස් පීරිස් මාවත හන්දිය.

-යුනියන් පෙදෙස ස්ටෙපල් වීදිය හන්දිය, යුනියන් පෙදෙස ඩෝසන් වීදිය හන්දිය, පාර්ක් වීදිය හයිඩ් පාර්ක් කෝනර් හන්දිය.

ජේම්ස් පීරිස් මාවත තාවකාලිකව වසා තබන අවස්ථාවේ එම මාර්ගය ඔස්සේ ධාවනය වන රථවාහන සඳහා විකල්ප මාර්ග

  • කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසින් පැමිණෙන රථවාහනවලට යුනියන් පෙදෙස ලිප්ටන් වටරවුම ඔස්සේ ද
  • ජේම්ස් පීරිස් මාවත නවම් මාවත හන්දියෙන් දකුණට හරවා නවම් මාවත ඔස්සේ ගමන් කර නවම් මාවත උත්තරානන්ද මාවත හන්දියෙන් වමට හැරී,උත්තරානන්ද මාවත ඔස්සේ රොටුන්ඩා වටරවුමෙන් ලිබර්ටි වටරවුම දෙසට ගමන් කළ හැක.
  • පිත්තල හන්දිය දෙසින් පැමිණෙන රථවාහන වලට ධර්මපාල මාවත, යුනියන් පෙදෙස ඔස්සේ ගමන් කළ හැක.

පෙරහැර ගමන් කරනු ලබන සීමාව තුළ පමණක් මාර්ගය වැසීමට කටයුතු කරනු ලබන අතර අවස්ථානුකූලව පෙරහැර වීථි සංචාරය සිදුනොවන සෑම ස්ථානයකින්ම හැකි උපරිම අයුරින් සාමාන්‍ය රථවාහන ගමනාගමනය සඳහා ඉඩ ලබාදීම සිදුකරනු ලබන බව පොලීසිය නිවේදනය කරයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories