ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම හිටපු ක්‍රීඩකයෙකු වන හෂාන් තිලකරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කරමින් සමගි ජනබලවේගය සමඟ එක්ව තිබෙනවා. ඔහුගේ බිරිඳ වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැඳවුම්කරු වන අප්සාරි තිලකරත්න ද සමගි ජනබලවේගය හා එක්වීමටයි කටයුතු කර ඇත්තේ. හෂාන් තිලකරත්න මේ වනවිට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කරනවා.