බන්ධනාගාරගතව සිටින විවිධ චෝදනා රැසකට වරදකරු කර ඇති පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් වහාම නිදහස් කරන්නැයි බලකරමින් ඔහුගේ පාක්ෂිකයින් ඊයේ (09) එරට වයඹදිග ස්වාබි නගරයේදී විරෝධතාවක් පවත්වා තිබුණි.
මෙම විරෝධතාව පැවැත්වුණේ ඉම්රාන් ඛාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය බලය පෙරලා දැමූ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් වසරක් ගතවීමට සමගාමීවය.
මේ අනුව ඔවුන් එම දිනය කළු දිනය ලෙස නම් කර තිබෙන අතර එක්වූ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් රජයට බලකර සිටියේ ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බවටය. පසුගිය මැතිවරණයේදී තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයට මැතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව අහිමි කළ අතර එහි අපේක්ෂකයින් මැතිවරණයට ඉදිරිපත් වූයේ ස්වාධීනවය.
එහිදී එම ස්වාධීන කණ්ඩායම ආසන 93ක් දිනාගත් අතර පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පක්ෂය සහ පාකිස්තාන මහජන පක්ෂය ඉන් පසුව එක්ව ආණ්ඩුවක් පිහිටුවා ගත්තේය. මේ අයුරෙන් ඉම්රාන් ඛාන් දිගින් දිගටම සිරගත කර රඳවාගෙන සිටින්නේ ඔහු නිදහස් කරන්නැයි දසතින් කරන ඉල්ලීම් නොතකා හරිමිනි