දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, පොලිස් දෙපාර්තමේන්තුව සමග ඊට අදාළ සාකච්ඡා ක්‍රියාත්මක බවයි.
දුම්රිය ගේට්ටු මුරකරුවන්ට ලැබෙන මාසික වැටුප රුපියල් 7500 ක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය