ශ්රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (8) රාත්රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් පැමිණි ඉන්දීය ධීවර යාත්රා 2ක සිටි ධීවරයින් 14 දෙනෙකු සිය භාරයට ගෙන තිබේ.
මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමක සිදුකළ බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදා භාරයට ගත් මෙම ඉන්දීය ධීවරයින් සියළුදෙනා ඉරණතිව් දූපත වෙත රැගෙනවිත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා කිළිනොච්චිය සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.