2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:28
නවතම පුවත්

ඉන්දීය මහකොමසාරිස් හදිසියේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මුණගැහෙයි

මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික)
සම්පත් තුයියකොන්ත හමුවී තිබේ.

ඊයේ පැවැති එම හමුව ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව එම සාකච්ඡා වලදී අවධානය යොමු වූ අතර, රටවල් දෙක අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා අවධාරණය කර තිබේ.

ආරක්‍ෂක සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින් කලාපීය ආරක්‍ෂාව සහ සමුද්‍රීය සහයෝගීතාව පිළිබඳව ද ඔවුන් එහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.

ආරක්‍ෂක කටයුතුවලදී, විශේෂයෙන්ම ත්‍රස්තවාදයට එරෙහි වීම, සමුද්‍රීය ආරක්‍ෂාව සහ ආපදාවලට ප්‍රතිචාර දැක්වීමේදී ශ්‍රී ලංකාවට ඉන්දියාවේ නොසැලෙන සහයෝගය ලබාදෙන බව ඉන්දීය මහකොමසාරිස්වරයා එහිදී අවධාරණය කර ඇත.

ආරක්‍ෂක ලේකම්වරයා ඉන්දියාවේ අඛණ්ඩ සහය සඳහා කෘතඥතාව පළකර ඇති අතර, කලාපයේ ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ආරක්‍ෂක හවුල්කාරිත්වයේ වැදගත් කාර්යභාරය අගය කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories