ෆින්ලන්තයේ පැවැත්වෙන Tampere Indoor Meeting ගෘහස්ථ මළල ක්රීඩා තරගාවලියේදී පිරිමි මීටර් 60 ඉසව්ව නියෝජනය කළ ශ්රී ලංකාවේ යුපුන් අබේකෝන් එම ඉසව්ව තත්ත්පර 6.66කින් අවසන් කරමින් 2වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ.
මෙම තරගවාරයේ ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව මෙම දක්ෂතාව බව වාර්තා වේ.
මීට පෙර ඉසව්වේ මූලික වටයේ තරගයකදීද ඔහු තත්පර 6.69කින් ඉසව්ව අවසන් කරමින් එහි පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වී තිබේ.