2025 ජූනි 22 ඉරිදා, 09:40
නවතම පුවත්

හොර වාහනවලට අනුමැතිය දුන් DMT කොමසාරිස් දැලේ

මෙරටට අනීතිකව ආනයනය කරන ලද වාහනයක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) මගින් පැවරීම් කටයුතු සිදුකිරීමට අනුමැතිය ලබාදීමේ චෝදනාව යටතේ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් ඊයේ (5) අත්අඩංගුවට ගෙන ඇති අතර එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව දන්වා සිටියේ, අත්අඩංගුවට ගත් නියෝජ්‍ය කොමසාරිස්වරයා රඹුක්කන ප්‍රදේශයේ පදිංචි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට කාර්යාලයේ රාජකාරි සිදුකළ මේ වනවිට වැඩ තහනමට ලක්ව ඇති අයෙක් බවයි.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව, ටොයෝටා ලෑන්ඩ් කෘෂර් වර්ගයේ රථයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී මෙම නීතිවිරෝධී ලියාපදිංචි කිරීම පිළිබඳ කරුණු හෙළි වී ඇත.

ඒ අනුව සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 25,000ක මුදල් ඇප හා ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 05ක් මත මුදා හැර ඇත.

ඊට අමතරව මෙම නියෝජ්‍ය කොමසාරිස්වරයාට විදේශ ගමන් තහනමක්ද පනවා තිබේ.

මෙම සැකකරු විසින් බස් රථ තුනක් සඳහා පරම අයිතිය වෙනස් කර පවරා ගැනීමේ කටයුතු සඳහා අල්ලස් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවකට අදාළව සිදු කරන ලද වැටලීමක ද පසුගිය වසරේ ඔක්තෝබර් මස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ සම්බන්ධ විමර්ශන කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය නිවේදනයේ දක්වා තිබේ.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
බදුල්ල බස් අනතුර,මරණ සංඛ්‍යාව 3 දක්වා ඉහළට, රියැදුරු සහ සහායක අත්අඩංගුවට
බදුල්ල-මහියංගනය...
Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
ට්‍රම්ප් ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ජාතිය අමතයි: "සාමය නොඑන්නේ නම්, ප්‍රහාර විශාල වනු ඇත"
ඉරානයේ න්‍යෂ්ටික...
web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...

උණුසුම් පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
බදුල්ල බස් අනතුර,මරණ සංඛ්‍යාව 3 දක්වා ඉහළට, රියැදුරු සහ සහායක අත්අඩංගුවට
බදුල්ල-මහියංගනය...
Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
ට්‍රම්ප් ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ජාතිය අමතයි: "සාමය නොඑන්නේ නම්, ප්‍රහාර විශාල වනු ඇත"
ඉරානයේ න්‍යෂ්ටික...
web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories