බංග්ලාදේශ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාගේ පවුලට අයත් ඩකා හි පිහිටි නිවස හෙවත් ඇගේ පියා එනම් නිදහස් බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවස ගිනි තබා විනාශ කර තිබේ.
හසිනා පවුලට එරෙහිව විරෝධතාවක නිරතව සිටි පිරිසක් විසින් මේ නිවස ගිනි තබා තිබුණූ අතර මෙම නිවස හසීනාගේ අවසරයෙන් අනුස්මරණ කෞතුකාගාරයක් ලෙස සංවර්ධනය කර තිබීය.
පසුගිය අගෝස්තු මාසයේදී පැවති බංග්ලාදේශ ශිෂ්‍ය ක්‍රියාකාරී විරෝධතා අතරතුර පලාගිය හසීනා තවමත් රැඳී සිටින්නේ ඉන්දියාවේය.