2026 ජූලි 29 බදාදා, 07:03
නවතම පුවත්

වසර 7කට පසු පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව මේ වසරේ

ඉතිහාසයේ දෙවන වරටත් මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2025 ජනවාරි මාසයේදී වාර්තා වී තිබේ.

මේ අනුව, 2025 ජනවාරි මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 252,761 ක් වේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පැවසුවේ 2018 ජනවාරි මාසයෙන් පසු මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව පසුගිය ජනවාරි මාසයේදී බවයි.

2018 දෙසැම්බර් මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 253,169 කි.

කෙසේ වෙතත්, පෙර වසරවල ජනවාරි මාසය සලකා බලන විට, මෙම වසරේ ජනවාරි මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වාර්තාගත ඉහළ අගයක් දක්වා ඉහළ ගොස් තිබේ.

2018 ජනවාරි මාසයේදී සංචාරකයින් 238,924 ක් පැමිණියහ. 2024 ජනවාරි මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 208,253 කි.

මෙම ජනවාරි මාසයේදී මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව ඉන්දියාවෙන්.

එම සංඛ්‍යාව 43,375 කි.

රුසියාව, එංගලන්තය, චීනය, ජර්මනිය, ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව යන අනුපිළිවෙලින් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව සභාපතිවරයා පැවසීය.

රට තුළ දිනකට එක් සංචාරකයෙකු රුපියල් 40,000 ක් පමණ වියදම් කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

දැනටමත් පැමිණ ඇති සංචාරකයින්ට නවාතැන් ගැනීමට හෝටල් කාමර ප්‍රමාණවත් බව ද සභාපතිවරයා පෙන්වා දෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories