2026 ජූලි 31 සිකුරාදා, 17:21
නවතම පුවත්

ජනපති අනුර ලබන සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

ජනාධිපති අනුර කුමාර දිසානායක පෙබරවාරි 10 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයීඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව ය.

මෙම සංචාරය අතරතුර, ජනාධිපතිවරයා ඩුබායිහි පැවැත්වෙන ලෝක ආණ්ඩු සමුළුව අමතනු ඇත.

අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සමග ජනාධිපති අනුර කුමාර දිසානායක ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

ජනාධිපතිවරයා ලබන 13 වන දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටිමින් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එසේ ම, ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් ද හමුවීමට නියමිත ය.

තවද, සමුළුවට සහභාගී වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ රාජ්‍යයන් සමග ද්විපාර්ශ්වික රැස්වීම් පවත්වනු ලබයි.

ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක තොරතුරු තාක්ෂණ, කෘතිම බුද්ධිය, බලශක්ති, සංචාරක, මූල්‍ය සහ මාධ්‍ය යන අංශවල ප්‍රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් ගණනාවක් සමග ද සම්බන්ධ වීමටත් නියමිතය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරට ත් ශක්තිමත් කරන ඇති බව මේ සංචාරය පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය කියයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories