2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 10:43
නවතම පුවත්

සාක්ෂි දෙන්න ආ ඇමති විජිත

අල්ලස් කොමිසම විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවකට අදාළව අමාත්‍ය විජිත හේරත් මහතා අද (05) කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ විභාගයට ගත්තේය.

එහිදී සාක්ෂි ලබාදුන් අමාත්‍ය විජිත හේරත් මහතා මහජන නියෝජිතයකු වශයෙන් කටයුතු කරන තමන්ට මහජනතාව මෙන්ම විවිධ පාර්ශ්වයන්ගෙන් තොරතුරු ලැබෙන බව සඳහන් කළේය.

එසේ ලැබුණු තොරතුරකට අනුව මෙම නඩුවට අදාළව 2015 වසරේ අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ බවත් ඔහු පැවසීය.

මහජන දේපළ අවභාවිතා කිරීම වැළැක්වීමේ අරමුණින් තමා එම පැමිණිලි ඉදිරිපත් කළ බව සඳහන් කළ විජිත හේරත් අමාත්‍යවරයා ඒවා පිළිබඳ විමර්ශන පවත්වා ඊට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම විමර්ශන ආයතනවල වගකීමක් බවත් සඳහන් කළේය.

සංවර්ධන ලොතරැයි ටිකට්පත් ප්‍රවර්ධන කටයුතු පෞද්ගලික සමාගම්වලට පැවරීමේදී රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ඉදිරිපත් කර තිබුණි.

ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගයේ ජුනි මස 04 වනදා දක්වා කල්තැබුණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories