2026 අගෝස්තු 01 සෙනසුරාදා, 19:26
නවතම පුවත්

‘හංවැල්ලේ රථ පෙළපාලිය ගියේ මංගල්‍යයකට’-පොලිස් මාධ්‍ය ප්‍රකාශක

විදුලි ආලෝකය දල්වමින් හා සයිරන් නළා නාද කරමින් හංවැල්ල මාර්ගයේ පෙබරවාරි 2 වන දා සවස් කාලයේ ගමන් කර තිබූ රථ වාහන පෙළපාලිය විවාහ උත්සවයකට සහභාගීවීමට ගොස් ඇතැයි පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම ප්‍රදේශයේ පසුගිය 30 වන දා විවාහ උත්සවයක් පවත්වා තිබෙන බව ත් පසුගිය ඉරිදා පැවති එහි දෙවන දින උත්සවයට ප්‍රදර්ශනාත්මක ලෙස රථ වාහන පෙළපාලිය ගමන් කර තිබෙන බව ත් ය.

මීගොඩ හා හංවැල්ල පොලිස් ස්ථාන මේ පිළිබදව සොයා බැලූ බව ත් මෙම රථ වාහන පෙළ පිළිබදව තවදුරට ත් විමර්ශනය කරමින් සිටින බව ත් ඔහු පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, රථවාහන නීතියට අනුකූල නොවන පරිදි මෙම රථ වාහන ගමන් කර ඇති අතර අමතර පහන් දල්වාගෙන රථවාහන පෙළපාලි ගමන් කිරීම මෝටර් වාහන පනත අනුව තහනම් බව ය.

‘වීඅයිපී ලයිට්’ යැයි හඳුන්වමින් වාහනවල ඉදිරිපස අමතර විදුලි පහන් දල්වාගෙන ධාවන කරන සියලු වාහන පරීක්ෂා කර එම පහන් ගලවා දැමීමට පොලිසිය දැනටමත් පියවර ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

මෙවැනි රථ පෙළපාලිවලට පොලිස් ස්ථානවලින් අවසර ලබා නොදෙන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පැවසීය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories