2026 ජූලි 31 සිකුරාදා, 16:27
නවතම පුවත්

ඇල්ල ඕඩිසි මංගල ගමන් අරඹයි

ඇල්ල ඕඩිසී මහනුවර දුම්රිය හෙට (02) සිය මංගල ගමන ආරම්භ කරනු ලැබීය.

උඩරට මාර්ගයේ දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩිම ආකර්ෂණය ලක්ව ඇති කොටස ලෙස හඳුනාගෙන ඇති මහනුවර සහ බදුල්ල අතර කොටසේ ස්වභාව සෞන්දර්ය නැරඹීම වෙනුවෙන් විදෙස් සංචාරකයින් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව මෙම දුම්රිය හඳුන්වා දී තිබේ.

ඒ අනුව මහනුවරින් උදෑසන 9.45ට ගමන් ආරම්භ කරනු ලැබූ මෙම දුම්රිය පස්වරු 5.25ට දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතව ඇත.

දෙමෝදර දුම්රිය ස්ථානයෙන් යළිත් පස්වරු 6.00ට යළිත් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය මධ්‍යම රාත්‍රී 12.00ට මහනුවර දුම්රිය ස්ථානය දක්වා ළඟා වීමට නියමිතය.

මෙම දුම්රිය සෑම සති අන්තයකම පමණක් ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම දුම්රියේ පළමු පන්තියේ වෙන් කළ ආසන 176ක් සහ දෙවැනි පන්තියේ වෙන් කළ ආසන 176ක් ද පවතින අතර තුන්වැනි පන්තියේ වෙන්කළ ආසන 44ක් පවතී.

මෙම දුම්රිය පේරාදෙණිය, නාවලපිටිය, හැටන්, ග්‍රේට්වෙස්ටන්, නානුඔය‍, පට්ටිපොල, ඔහිය, ඉදල්ගස්හින්න, හපුතලේ, බන්ඩාරවෙල, ඇල්ල යන දුම්රිය ස්ථානවල පමණක් නවත්වනු ලබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

එමෙන්ම ආරුක්කු නමය පාලම අසළ විනාඩි 10ක පමණ කාලයක් නවතා තබනු ඇත.

මේ අතර එළැඹෙන 10 වැනිදා සිට ඇල්ල ඕඩිසි- නානුඔය නව දුම්රිය ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

උදෑසන 8.10ට නානුඔය දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයට දහවල් 11.35ට ළඟා වීමට නියමිතය.

දහවල් 1.00ට යළිත් බදුල්ලෙන් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය පස්වරු 5.30ට නානුඔය දුම්රිය ස්ථානයට ළඟා වනු ඇත.

මෙම දුම්රිය බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලදී ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ අතර මේ වන විටත් ඇල්ල ඕඩිසී කොළඹ කොටුව දුම්රිය සතියේ දිනවල බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරවීමටද පියවර ගෙන ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories