අද (29) ගුවන් හමුදා මුලස්ථානයේදි නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ආගමික වතාවත් සිදුකරමින් නිළ වශයෙන් සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරිම සිදු කළේය. ඒ මහතා ශ්රී ලංකා ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපති වේ.
ඒ ගුවන් හමුදා මුලස්ථානයේ දී පවත්වන ලද ගුවන් හමුදා සම්ප්රදායානුකූල උත්තමාචාර පෙළපාලියෙන් අනතුරුවය.