2025 අගෝස්තු 15 සිකුරාදා, 03:25
නවතම පුවත්

ශිෂ්‍යත්ව දිවයිනේ ප්‍රථමයා හොරණ රාජකීය විද්‍යාලයෙන් !

2024 ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ලබා දිවයිනේ ප්‍රථමයා බවට පත්වී ඇත්තේ හොරණ රාජකීය විද්‍යාලයේ බිසදි යෙවින්යා නම් සිසුවියකි.
ඇය ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 188කි

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා 2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (24) පෙරවරුවේ පවත්වනු ලැබූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

ඊයේ නිකුත්කළ ප්‍රතිඵල අතරින් වැඩිම ලකුණු ලබාගත් දරුවා ලකුණු 188ක් ලබාගෙන තිබෙන බවයි එහිදී විභාග කොමසාරිස් ජනරාල් පවසා සිටියේ.

ඊට අමතරව දරුවන් 17 දෙනෙකු ලකුණු 187 හා 186 සීමාවේ පසුවන බව හෙතෙම පැවසීය.

මෙලෙස වැඩිම ලකුණු ලබාගත් දරුවන් 18 දෙනාගෙන් 11 දෙනෙකු පිරිමි දරුවන් බවද ඔහු පැවසීය.

නිමාවූ ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් 319,284ක් පෙනී සිටි අතර, ඉන් සිසුන් 51,244ක් සමත්ව තිබේ.

ඒ අනුව විභාගය සමත් සිසුන්ගේ ප්‍රතිශතය 16.05%ක් වේ.

එය පසුගිය වසරට සාපේක්ෂව වැඩිවීමකි.

2023 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සමත්ව ඇත්තේ 15.12%ක ප්‍රමාණයකි.

එමෙන්ම මෙවර ප්‍රතිඵල අනුව දරුවන් 77.96%ක ප්‍රතිශතයක් ලකුණු 70ට වැඩිගෙන් ලබාගෙන ඇත.

එයද පසුගිය වසරට සාපේක්ෂව සුළු වැඩිවීමකි.

2023 වසරේදී දරුවන් 77.75% ප්‍රතිශතයක් ලකුණු 70ට වැඩියෙන් ලබාගෙන තිබේ.

එමෙන්ම විභාගයට පෙනී සිටි දරුවන් 37.70% ප්‍රමාණයක් ලකුණු 100ට වැඩියෙන් ලබාගෙන ඇත.

කෙසේ නමුත් 2023 වසරට සාපේක්ෂව එය සැලකිය යුතු අඩුවීමකි.

පසුගිය වසරේදී විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 45.06% ප්‍රතිශයක් ලකුණු 100ට වැඩියෙන් ලබාගෙන තිබෙනවා

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories