2025 අගෝස්තු 16 සෙනසුරාදා, 12:49
නවතම පුවත්

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සැප වාහන චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන නොදුන් බව පැවසුවත් කිහිපදෙනෙක් රජයේ වාහන භාවිත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා චෝදනා කරයි.

අද (23) පාර්ලිමේන්තුවේ දී වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ලබාදුන් වාහන සංඛ්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් යොමු කළ අතර එයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලබාදුන් පිළිතුරට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ 10 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමක් සිදුකරන නොමැති බවය.

එහෙත් විශේෂ අවශ්‍යතාවයක් ලෙස සලකා පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාට KR – 5844 යන අංකය දරණ මෝටර් රථය ජනාධිපති කාර්යාලය මඟින් ලබාදී ඇති බවත් අගමැතිනිය පැවසුවාය.

එහෙත් එම වාහනය සඳහා රියදුරෙක් ලබාදී නොමැති බවත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඉන්ධන ලබාදීමක් ද සිදුකර නොමැති බව අගමැතිනිය අදාළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා සිටියාය.

“වාහන මාදිවෙල තියෙනවා. කැබ් පදිනවා. ඔබතුමිය කියනවා වගකීමෙන් දීලා නෑ කියලා. මම ඒක පිළිගන්නවා. අද රේන්ජ් රෝවර් මාදිවෙල ගෙවල් අස්සේ තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් පදිනවා. ඒකට වියදම වී8 එකට වඩා වැඩියි. නම කියන්න ද ? වසන්ත සමරසිංහ.

සමාජ මාධ්‍යයේ ගිය මෙන්න මේ වාහනේ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් යටතේ ලියාපදිංචි කරලා තියෙන්නේ. මේක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ. නම කියන්නේ නෑ. වල් අදිනවා. බණ්ඩාර වෙල පූනාගල වත්තේ වල් අදිනවා.”

නවතම පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories