2025 මැයි 06 අඟහරුවාදා, 11:20
නවතම පුවත්

ඔන්ලයින් පනත දැනට බලාත්මක නොකරන්න රජය තීරණය කරයි!

බොහෝ පාර්ශ්ව විසින් කණස්සල්ල පළකර ඇති 2024 අංක 09 දරන මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන හඳුන්වාදීමට රජය කටයුතු කරනු ඇත්තේ ඒ සම්බන්ධයෙන් ලබා ගන්නා මහජන උපදේශනවලින් පසුව බව වාර්තා වේ.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න පවසන්නේ මාර්ගගත විෂමාචාරවලට ප්‍රතිචාර දැක්වීමේ කාර්යක්ෂමතාව ආරක්ෂා කර ගනිමින් පනතේ අහිතකර බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට රජය සැලසුම් කරන බවයි.

“අවශ්‍ය සංශෝධන සිදුකිරීමෙන් පසු පනත ක්‍රියාත්මක කරනවා. දැනට තියෙන ස්වරූපයෙන් එය බලාත්මක කරන්න අපි අදහස් කරන්නේ නැහැ. සංශෝධනය කළ යුතු අංශ රාශියක් තිබෙනවා. කෙසේවෙතත්, නිදහස අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා අපි මෙම නීති සම්පාදනය භාවිත කරනවා,” යැයි ඔහු සඳහන් කරයි.

ක්ෂේත්‍රයේ කොටස්කරුවන් සහ මහජනතාව සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව සංශෝධන සිදු කරන බව ද ඔහු සඳහන් කරයි.

මෙම පනත ප්‍රථම වරට 2023 සැප්තැම්බර් මාසයේදී රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද අතර 2024 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.

මාර්ගගත ආරක්ෂාව, වැරදි තොරතුරු සහ සයිබර් හිරිහැර සම්බන්ධ ගැටලු විසඳීම සඳහා එය හඳුන්වා දෙන ලදී.

පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගය ලැබුණද, ඇතැම් සංශෝධන එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුකූල නොවන බවට තර්ක කරමින් බොහෝ පිරිස් කණස්සල්ල පළ කළහ.

මෙම ගැටලුවලට ප්‍රතිචාර වශයෙන්, 2023 නොවැම්බර් 7 වැනි දින නිකුත් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සමඟ වඩා හොඳින් ගැළපෙන පරිදි නීති සංශෝධනය කිරීමට රජය 2024 ඔක්තෝබර් මාසයේදී එකඟ විය.

එහි ප්‍රතිඵලයක් ලෙස, මාර්ගගත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර 2024 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී.

කෙසේවෙතත්, විවිධ අංශවලින් එල්ල වූ පුළුල් විවේචන හේතුවෙන් එය සම්මත වූයේ නැත.
(The Morning)

නවතම පුවත්

Web 06 (4)
අමාත්‍ය වසන්තගේ කීර්ති නාමයේ මිල කෝටි 5ක්
අමාත්‍ය වසන්තගේ...
Web 05 (4)
සීදුවේ වෙඩි තැබීමක්
සීදුවේ වෙඩි තැබ...
Web image new template new (1)-Recovered-Recovered
තවත් අපේක්ෂකයෙක් අත්අඩංගුවට ගැනේ
2025 පළාත් පාලන...
Web image new template new (1)-Recovered-Recovered
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නැතත් ඡන්දය දාන්න පුළුවන්
අද (06) දිනයේදී...

උණුසුම් පුවත්

Web 06 (4)
අමාත්‍ය වසන්තගේ කීර්ති නාමයේ මිල කෝටි 5ක්
අමාත්‍ය වසන්තගේ...
Web 05 (4)
සීදුවේ වෙඩි තැබීමක්
සීදුවේ වෙඩි තැබ...
Web image new template new (1)-Recovered-Recovered
තවත් අපේක්ෂකයෙක් අත්අඩංගුවට ගැනේ
2025 පළාත් පාලන...
Web image new template new (1)-Recovered-Recovered
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නැතත් ඡන්දය දාන්න පුළුවන්
අද (06) දිනයේදී...

දේශපාලන

Web 06 (4)
අමාත්‍ය වසන්තගේ කීර්ති නාමයේ මිල කෝටි 5ක්
අමාත්‍ය වසන්තගේ...
Web 04 (6)
මැතිවරණ රාජකාරීයට ගිය නිලධාරිනියක් මරුට
මැතිවරණ රාජකාරීයට...
Web 03 (6)
උදේ 9 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය
උදේ 9 වන විට ප්‍රකාශිත...
Web 1 (1)
ඡන්ද විමසීම ආරම්භ වෙයි
ඡන්ද විමසීම ආරම්භ...

Categories