අද (18) දිනයේත් දුම්රිය ගමන් වාර 12ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කෙටි ගමන් සේවා යටතේ කොටුව සිට ආරම්භ කිරීමට නියමිත දුම්රිය 06ක් සහ කොළඹ කොටුවට පැමිණෙන දුම්රිය 06ක් මෙලෙස අවලංගු කර තිබේ.
කෙසේ වෙතත් අද රාජකාරී දිනයක් නොවන නිසා සවස් කාලයේ දුම්රිය අවලංගු කිරීමක් සිදු නොවනු ඇති බව සඳහන්ය.
ඊයේ (17) දිනයේද දුම්රිය 25ක් පමණ අවලංගු කිරීමට සිදුවිය. එයට හේතුව වන්නේ දුම්රිය රියදුරු හිඟයයි.
මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇත්තේ දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියදුරන් සූදානම් වීම හේතුවෙනි.