2025 අගෝස්තු 15 සිකුරාදා, 14:14
නවතම පුවත්

සිරකරුවන්ගේ ලිංගික කටයුතු වෙනුවෙන් බන්ධනාගාරවලට ‘ලව් රූම්ස්’

ඉතාලි‍යේ බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඔවුන්ව හමුවීමට පැමිණෙන අමුත්තන් සමග ආදරය කිරීමට ඉඩ දිය යුතු බව රටේ ඉහළ අධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව ඉතාලියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කියා සිටියේ සිරකරුවෙකුට හෝ සිරකාරියකට සිය සහකරු හෝ සහකාරිය සමඟ ලිංගිකව හැසිරීමේ අයිතිය ප්‍රතික්ෂේප කළ යුත්තේ, ආරක්ෂාව හෝ පිළිවෙල සහ විනය පවත්වාගැනීම හෝ රැඳවියාගේ අන්තරාය හෝ අධිකරණ හේතූන් මත පමණක් බවයි.

ඒ අනුව, ඔවුන්ගේ වඩාත් සුවපහසුව සඳහා බන්ධනාගාර තුළ ආදරණීය කාමර (love rooms) නිර්මාණය කරන ලෙස නිලධාරීන්ට මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටින ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇති අතර, අධිකරණ තීන්දුව හරහා ඉල්ලීම් දැඩි වී ඇතැයි පැවසේ.

සිරකරුවන්ට ලිංගිකව හැසිරීමේ අයිතිය ලබාදෙන අධිකරණ තීන්දුව පැමිණියේ, ඉතාලියේ උතුරු නගරයක් වන අස්ති හි බන්ධනාගාරයක සිටින රැඳවියෙකුට ඔහුගේ බිරිඳ සමඟ ලිංගිකව හැසිරීමේ අයිතිය ප්‍රතික්ෂේප වීමෙන් පසුවයි.

“චිත්තවේගීය සබඳතා භුක්ති විඳීමේ නිදහස ව්‍යවස්ථානුකූලව ආරක්‍ෂිත අයිතිවාසිකමක්” යැයි අධිකරණය එම නඩුව සම්බන්ධයෙන් තීන්දුවක් දෙමින් පවසා ඇත.

A.S. ලෙස පමණක් හඳුනාගෙන ඇති 34 හැවිරිදි එම සිරකරු, ටියුරින් හි ප්‍රාදේශීය අධිකරණයක් වෙත විවාහ ප්‍රවේශය සඳහා කළ පෙර ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඉතාලියේ ඉහළම අධිකරණයට ඔහුගේ පැමිණිල්ල ගෙන ගියේය.

සිරකරු, සිරගත කිරීම සඳහා හේතුවී ඇති අපරාධය සහ දඬුවම පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැත.

එම රැඳවියාට පක්ෂව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දුවක් ලබාදීමෙන් අනතුරුව, සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින කණ්ඩායමක් වන Hands Off Cain විසින් “ස්ටැන්ස් ඩෙල්අමෝර්” (ආදරණීය කාමර) ස්ථාපිත කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

මෙම සිදුවීම් වාර්තා වන්නේ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනිගේ රජය විසින් ඉතාලියේ පුළුල් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කිරීම් සිදු කරමින් සිටින පසුබිමක් තුළදීයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories