2026 අගෝස්තු 01 සෙනසුරාදා, 00:46
නවතම පුවත්

චිත්‍රපට හදන්න සංස්ථාව දීපු කෝටි 12ක ණය ආපහු අයකරගෙන නෑ

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් චිත්‍රපට නිෂ්පාදනයට සහ සිනමා ශාලා සදහා ලබාදුන් ණය මුදල්වලින් අයකර ගත හැකිව තිබු රුපියල් දො‍ලොස්කෝටි දහඅට ලක්ෂ දහඅට දහස් දෙසිය අසුහතරක මුදලක් (121,818,284) අයකර ගැනිමට කටයුතු කරනොමැති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

චිත්‍රපට සංස්ථාවේ කළමණාකරණය විසින් මෙකි ණය අයකරගැනිමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනිම මත, මෙම ණය මුදල අයකරගැනිමට නොහැකිව ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දින වන විට චිත්‍රපට නිෂ්පාදනයට හා සිනමා ශාල සඳහා ලබාදී ඇති ණය මුදල්වලින් රුපියල් හතලිස්හත් කෝටි,අසුහතර ලක්ෂ,හැටපන්දහස්,දෙසිය තිස්අටක මුදලක් (478,465,238) චිත්‍රපට සංස්ථාවට අයවිමට තිබේ.

සිනමාශාලාවලින් සංස්ථාවට අයවිය යුතුව ඇති හිග මුදල රුපියල් තිස්අට කෝටි, අනූනව ලක්ෂ,හැටඑක් දහස්,තුන්සිය දහඅටකි (389,961,318).

සංස්ථාවට ලැබියයුතු මුදල්වලින් අධිභාර හා හානිකරණ ගැලපීම නිසා 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිට අයකර ගත හැකි ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් දො‍ළොස් කෝටි, දහඅට ලක්ෂ,දහඅට දහස් දෙසිය අසුහතරක මුදලකි (121,818,284).

මේ පිළිබඳ චිත්‍රපට සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ, සිනමාශාල 142කින් හිග මුදල් අයකර ගැනිමට කටයුතු කරන අතර, වසාදමා ඇති සහ පැරණි හිඟ මුදල් සහිත සිනමාශාලාවලින් මේ වන විට රුපියල් මිලියන 27ක පමණ මුදලක් අයකරගෙන ඇති බවයි.

හිග මුදල් අයකර ගැනිමට නොහැකි සිනමාශාලාවලට නඩු පැවරිමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවද චිත්‍රපට සංස්ථාව පවසා ඇත.

ජාතික චිත්‍රපට සංස්ථාව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබිණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories