2025 අගෝස්තු 15 සිකුරාදා, 03:45
නවතම පුවත්

පාන් පිටි රුපියල් 25කින් අඩු කලොත් පාන් ගෙඩිය රුපියල් 100 ට දෙනවලු

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 25කින් අඩු කරන්නේ නම් පාන් රාත්තලක් රුපියල් 100 කට පාරිභෝගිකයන්ට ලබාදීමට හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ සමග පෙරේදා අමාත්‍යාංශයේදී (13 වැනිදා) පැවැති සාකච්ඡාවකදී දැනුම් දුන්නේය.

මෙම සාකච්ඡාව සදහා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ඇතුළු බේකරි හිමියන් පිරිසක් සහභාගී වූහ.

එහිදී බේකරි හිමියෝ කියා සිටියේ ඩොලරයේ මිල අඩු වූවත් තවමත් තිරිඟු පිටි කිලෝවක් මිලදී ගැනීමට සිදුවී ඇත්තේ රුපියල් 190 කට බවයි.

බේකරි හිමියෝ තව දුරටත් පවස සිටියේ , තිරිඟු පිටි ආනයනයේදී කිලෝවකට අය කරන රුපියල් 45 ක බද්ද අඩු කර ඕනෑම අයෙකුට තිරිඟු පිටි ආනයනය කළ හැකි පරිදි අවස්ථාව ලබා දෙන්නේ නම් සමාගම් වල ඒකාධිකාරය බිඳ වැටෙන බව හා එමෙන්ම, ලෝක වෙළෙඳපොළේ මාගරින් කිලෝවක මිල රුපියල් 400 ක් වූවත්, මෙරට වෙළෙඳපොළේ මාගරින් කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 900 කට බවත්, මාගරින් සඳහා කිලෝවකට අය කරන රුපියල් 600 ක බද්ද අඩු කිරීමට කටයුතු කර මාගරින් ආනයනය කිරීමට ඕනෑම අයෙකුට අවස්ථාව සලසන්නේ නම් රජයට වැඩි බදු ආදායමක් ලැබෙන බවත්, බේකරි නිෂ්පාදන මිල ගණන් අඩු කිරීමට හැකි බවත් ය.

පාන් මිල ඉහළ යාම නිසා පාන් පාරිභෝජනය මේ වනවිට අඩුවී ඇතැයිද බේකරි හිමියන් ඇමැතිවරයාට කියා සිටියේය.

බේකරි හිමියන්ට සහනයක් ලබාදීමට කටයුතු කරන බවත්, ඒ සඳහා මාගරින්, තිරිගු පිටි ආනයනකරුවන් කැඳවා කඩිනමින් සාකච්ඡාවක් පවත්වන බවද ඇමැතිවරයා බේකරි හිමියන්ට දැනුම්දී තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories