2025 ජූනි 21 සෙනසුරාදා, 17:45
නවතම පුවත්

2024 ලියාපදිංචියට ඉදිරිපත් කරපු ඖෂධවලින් සීයට 95ක්ම සාම්පල් චෙක්කරලා නෑ

මහජනතාවට ලබා දෙන ඖෂධවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ පවතින බරපතල අඩුපාඩු 2023 වර්ෂය සඳහා ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවක් මගින් අනාවරණය වී තිබේ.

එම වාර්තාවට අනුව, 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ ස්ථාපිත ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඖෂධවල ආරක්ෂාව සහ ගුණාත්මක බව සහතික කිරීමේ වගකීම පැවරී ඇත.

කෙසේවෙතත්, 2023 වසර අවසන් වන විට ඖෂධ වර්ග 1500කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කිරීමට අධිකාරිය අපොහොසත් වීම නිසා අදාළ ලිපිගොනු අසම්පූර්ණ බව පැවසේ.

පනතේ අදාළ වගන්ති යටතේ, ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරන සෑම ඖෂධයක්ම ජාතික ඖෂධ තත්ත්ව සහතික කිරීමේ රසායනාගාරයේ තත්ත්ව පරීක්ෂාවට ලක්කළ යුතුය.

2023 දී ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරන ලද ඖෂධවලින් 95% ක්ම නියැදි පරීක්ෂණවලින් තොර බව වාර්තාව මගින් අනාවරණ වී තිබේ.

මෙම අතපසුවීම හේතුවෙන් ප්‍රමිතියෙන් තොර ඖෂධ දේශීය වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක් මතුව පවතී.

ලියාපදිංචි නිදහස් කිරීම් භාවිත කිරීමේ අක්‍රමිකතා ද විගණනයේදී අනාවරණය වි ඇත.

2022 සහ 2023 අතර, කමිටු සමාලෝචනයකින් හෝ ලේඛන සත්‍යාපනයකින් තොරව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ අනුමැතිය යටතේ නිදහස් කිරීමේ සහතික 287ක් නිකුත් කර ඇතැයි ද එහි දැක්වේ.

කඩිනම් ‘විශේෂ ක්‍රියාවලියක්’ හරහා ලබා දී ඇති මෙම නිදහස් කිරීම්, පනත මගින් නියම කර ඇති ක්‍රමානුකූල ක්‍රියාවලීන්ගෙන් බැහැර වන අතර, විනිවිදභාවය සහ රෝගීන්ගේ ආරක්‍ෂාව අවදානමට ලක්කර ඇතැයි වාර්තාවේ දැක්වේ.

අනුකූලතා සම්බන්ධ සහතික ලබාගැනීමට, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සහ අත්‍යවශ්‍ය උපකරණ ලබාගැනීමට ජාතික ඖෂධ තත්ත්ව සහතික කිරීමේ රසායනාගාරය අපොහොසත් වී ඇති බව ද වාර්තාවෙන් අනවරණ වී තිබේ.

මීට අමතරව, පුහුණු කාර්ය මණ්ඩලයේ හිඟයක් හේතුවෙන් 2023 අවසන් වන විට තත්ත්ව පරීක්ෂණ 337 ක් අසම්පූර්ණ වී ඇතැයි ද එදි දැක්වේ.

මෙම ප්‍රමාදයන් ඖෂධ ආශ්‍රිත ප්‍රමිතිය කාලෝචිත ලෙස සහතික කිරීමට බාධාවක් වූ බව ද වාර්තාවේ සඳහන් වේ.

වෛද්‍ය සැපයුම් අංශය තුළ සැලසුම් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමඟ පැවැති දුර්වල සන්නිවේදනය සහ සැපයුම්කරුවන් සම්බන්ධයෙන් පවතින ගැටළු අත්‍යවශ්‍ය ඖෂධ 18 ක හිඟයකට තුඩු දුන් බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

වාර්තාවට අනුව, 2020 දෙසැම්බර් සහ 2023 නොවැම්බර් යන කාලසීමාව අතර මාස හතරේ සිට අවුරුදු තුනකට ආසන්න කාලසීමාවක් සඳහා මෙම හිඟයන් පැවතුනි.

නවතම පුවත්

web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...

උණුසුම් පුවත්

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories