2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 14:30
නවතම පුවත්

ඩේටා පැකේජස්වල ගණන් වැඩිකරලද?වැඩි කරන්න රජය අවසර දීලද?

ඩේටා පැකේජ සඳහා ගාස්තු වැඩි කිරීමට කිසිදු අවසරයක් ලබාදී නොමැති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධාරණය කරයි.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වාර්තා ප්‍රතික්ෂේප කරමින් කොමිසමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ පැවසුවේ කිසිදු විදුලි සංදේශ සේවා සපයන්නකුට තම ගාස්තු ඉහළ නැංවීමට කිසිදු බලයක් ලබා දී නොමැති බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වාර්තාවලින් පසුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වහාම සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ගෙන් විමසීමක් කර තිබේ.

ඊට ප්‍රතිචාර වශයෙන් එම සියලුම සැපයුම්කරුවන් ලිඛිතව සහතික වී ඇත්තේ තම පැකේජ සඳහා ගාස්තු වැඩි කර නොමැති බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය තොරතුරු මගින් නොමඟ නොයන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි .

එවැනි නොමඟ යවන පුවත් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහිව පවතින නීතිවලට අනුකූලව කොමිසම නීතිමය පියවර ගනිමින් සිටින බව ද ඔහු සඳහන් කරයි.

ඊට අමතරව, සේවා සපයන්නන් විසින් අනවසර ලෙස සිදුකරන පැකේජ මිල වැඩි කිරීම් ඇත්නම් ඒ පිළිබඳ ඕනෑම සාක්ෂියක් කොමිසමට වාර්තා කරන ලෙස අධ්‍යක්ෂවරයා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

ඔහු පවසන්නේ එවැනි ක්‍රියාමාර්ග කොමිසම විසින් නියම කර ඇති කොන්දේසි උල්ලංඝනය කිරීමක් වන බැවින් ඊට එරෙහිව පියවර ගත හැකි බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories