2025 ජූනි 21 සෙනසුරාදා, 20:00
නවතම පුවත්

විශ්‍රාමිකයන්ට ගහන වැඩිපුර බදු ආපහු ගෙවන්න ක්‍රමයක්

ආදායම් බදු සීමාවට ඇතුළත් නොවන විශ්‍රාමිකයන් සඳහා රඳවා ගැනීමේ බද්ද (WHT) ආපසු ගෙවීම සඳහා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.

බදුවලින් ලැබෙන ආදායම් එකතු කිරීම ඉහළ නැංවීමේ පියවරක් ලෙස බැංකු තැන්පතු පොලිය සඳහා වන රඳවා ගැනීමේ බද්ද සියයට 5 සිට සියයට 10 දක්වා වැඩි කිරීමට රජය මෑතකදී ගත් තීරණයට සමගාමිව මෙම පියවර ගැනේ.

වැඩි කළ අනුපාත සමග රාජ්‍ය භාණ්ඩාගාරයට ඉහළ ආදායමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, ආදායම් බදු ගෙවීමෙන් නිදහස් විශ්‍රාමිකයන්ට ඔවුන්ගේ පොලී ආදායමෙන් කරන අඩු කිරීම් ලබා ගැනීම සඳහා මුදල් ආපසු ගෙවීමේ ක්‍රියාවලිය සඳහා යොමුවිය යුතුය.

ඒ අනුව රඳවා ගැනීමේ බද්ද ආපසු ගෙවීම සඳහා කාර්යක්ෂම යාන්ත්‍රණයක් තවදුරටත් ප්‍රමාදයකින් තොරව හඳුන්වා දිය යුතු බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී, ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දී තිබේ.

විශ්‍රාමිකයන් මුහුණ දෙන බර දැන, ඔවුන්ගේ දුක් වේදනා අඩු කිරීම සඳහා මෙය කාලයේ අවශ්‍යතාවක් බව ජනාධිපතිවරයා පැවසීය.

තවද, ඉහළ විනිවිදභාවයක් සඳහා ප්‍රමුඛතාව දෙමින් වැට් බදු එකතු කිරීමේ යාන්ත්‍රණය ඩිජිටල්කරණය කළ යුතු බව ද ඔහු පැවසීය.

රාජ්‍ය ආදායම් එකතු කිරීම වැඩිදියුණු කිරීම සඳහා, පුළුල් පරාසයක ඩිජිටල් බදුකරණ ක්‍රමයක් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට ඔහු නිර්දේශ කළේය.

බැංකු තැන්පතු පොලිය මත රඳවා ගැනීමේ බද්ද දැනටමත් අඩු කර ඇති විශ්‍රාමිකයන්ට එම මුදල ආපසු ලබාගත හැකිය.

බැංකු තැන්පතු පොලිය මත රඳවා ගැනීමේ බද්ද අඩු කිරීම පිළිබඳ සාක්ෂි ලෙස විශ්‍රාමිකයන්ට ඔවුන්ගේ බැංකු ප්‍රකාශන සහ අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.

බැංකු සාමාන්‍යයෙන් එලෙස අඩු කරන ලද රඳවා ගැනීමේ බද්ද පිළිබඳ වාර්ෂික සාරාංශයක් සපයන අතර ඔවුන්ගේ බදු ප්‍රතිලාභ අයදුම්පතේ පදනම වන්නේ එයයි.

සාධාරණත්වය සහතික කිරීම සඳහා රජය විසින් අඩු ආදායම්ලාභීන් මින් නිදහස් කර ඇත.

මසකට රු. 150,000ට අඩු ආදායමක් ලබන අයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රඳවා ගැනීමේ බද්ද නිදහස් කිරීමට ඉල්ලා සිටිය හැකිය.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories