2026 මාර්තු 24 අඟහරුවාදා, 23:28
නවතම පුවත්

සුපිරි ඇමති බංගලා 50කින් සල්ලි හොයන්න රජය සූදානම් වෙයි

කැබිනට් ඇමැතිවරුන් සඳහා වෙන් කර ඇති ‘සුඛෝපභෝගී’ නිල නිවාස 50ක් රටට ආදායමක් ගෙන දෙන වෙනත් අරමුණු සඳහා යොදා ගැනීමට රජය තීරණය කර තිබේ.

වත්මන් රජයේ කිසිදු ඇමැතිවරයකු මෙම සුඛෝපභෝගී නිවාසවලට නොයන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල පවසයි.

ඒ වෙනුවට, ඒවා වෙනත් රජයේ දෙපාර්තමේන්තු විසින් හෝ සංචාරක කටයුතු සඳහා යොදා ගනු ඇති බව ඔහු තවදුරටත් පවසයි.

වත්මන් ගොඩනැගිල්ලේ ඉඩකඩ සීමා වීම හේතුවෙන් නව පරිශ්‍රයන් ඉල්ලා ඇති බැවින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉන් එක් නිවසක් වෙන් කිරීමට නියමිතය.

අනෙකුත් නිවාස ද එක් එක් අවස්ථාව අනුව වෙන් කරනු ඇත.

“මෙම නිවාස සඳහා දැනටමත් වියදම් කර ඇති දැවැන්ත මහජන අරමුදල් සැලකිල්ලට ගෙන, අපි ආදායම් උත්පාදනය කරන මාර්ග අධ්‍යයනය කරමින් ඉන්නවා,” යනුවෙන් ඇමැතිවරයා පැවසීය.

නිවාස ‘ජනතාවගේ යහපත සඳහා’ යොදා ගන්නා බවට ඔහු සහතික වෙයි.

මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් හෝ ඒ හා සමාන නිවාස සංකීර්ණවලින් සාමාන්‍ය නිවාස ලබා දෙන අතර, කොළඹින් බොහෝ දුරින් ජීවත් වන මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛතාව දෙනු ඇත.

මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවාස සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බැවින්, අවිවාහක මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක් නිවාසයක වාසය කරන බව ඇමැතිවරයා අනාවරණය කළේය.

මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති ‘අධික වරප්‍රසාද’ අඩු කිරීම සඳහා රජය ගෙන ඇති අනෙකුත් පියවර පිළිබඳව’ පැහැදිලි කරමින් ඇමැති විජේපාල සඳහන් කළේ, රජය දේශපාලනඥයන් සඳහා වාහන බලපත්‍ර ලබාදීම දැනටමත් අහෝසි කර ඇති බවයි.

“පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා විසින් නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා දෙන චක්‍රලේඛයක් නිකුත් කිරීම පිළිවෙතයි. මම ඒ චක්‍රලේඛය නිකුත් කරන්නේ නැහැ. මහජන අරමුදල් භාවිතා කරමින් එවැනි අධික වරප්‍රසාද ලබා දීමේ පිළිවෙත අපි නතර කර තිබෙනවා,” යනුවෙන් ඇමැතිවරයා සඳහන් කරයි.

ඒ අනුව පවතින වාහන සංචිතවලින් මන්ත්‍රීවරුන්ට නිල වාහන වෙන් කරනු ඇත.

ඔවුන් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ විට ඔවුන්ට එම වාහන ආපසු ලබා දීමට සිදුවනු ඇත.

මේ අතර, වසර පහකට පසු විශ්‍රාම වැටුප් ලබා ගැනීමට සුදුසුකම් ලබන මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පෞද්ගලික පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ලබා දෙන විශ්‍රාම වැටුප් අවලංගු කරන නීති සම්පාදනය කිරීමට ද රජය සූදානම් වන බව ඔහු අනාවරණ කළේය.

“රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප් සඳහා සුදුසුකම් ලැබීමට පෙර වසර ගණනාවක් වැඩ කිරීමට සිදුවන බැවින් මෙම විශ්‍රාම වැටුප් දීමේ ක්‍රමය අසාධාරණයි. මෙය මන්ත්‍රීවරුන්ට අධික වරප්‍රසාදයක්. එය අහෝසි කිරීමට අපි තීරණයක් ගෙන තිබෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories