පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පැවැති දෙවැනි පරීක්ෂණයෙන් ද බංග්ලාදේශය ක්රීඩක ශකීබ් අල් හසන් අසමත් වී තිබේ.
මේ හේතුවෙන් තවදුරටත් ඔහුට දේශිය සහ අන්තර්ජාතික ක්රිකට් තරවලදි පන්දුයැවීම තහනම් වනු ඇත.
පසුගිය වසර අගදි එංගලන්ත ප්රාන්ත ක්රිකට් තරගාවලියේදි ශකීබ් අල් හසන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බවට චෝදනා එල්ල වී තිබිණි.
ඒ අනුව, බංග්ලාදේශ ක්රිකට් පාලක මණ්ඩලය ඔහුට දේශිය හා අන්තර්ජාතික තරගවලදී පන්දු යැවීම තහනම් කරන ලදී.