බොරැල්ලේ පිහිටි මහල් 24කින් යුත් මහල් නිවාස සංකීර්ණයක 12වන මහලෙන් පැන සිදුකරගත් අනතුරකින් වයස අවුරුදු 16ක දැරියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (10) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් බරපතළ තත්ත්වයෙන් පසු වූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
මරණකාරිය වයස අවුරුදු 16ක් වූ සර්පන්ටයින් පාර, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පෙලීසිය පවසනවා.
මියගිය දැරිය කලක සිට මානසික ආතතියෙන් පෙලීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටි බවට ඇගේ මව විසින් ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ නමුත් දැරිය එම මහලේ බැල්කනියෙන් බිමට පැන ඇත්ද, නැතහොත් වැටී ඇත්ද යන්න පිලිබඳව අනාවරණය කර ගැනීම සඳහා බොරැල්ල පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.