2026 අගෝස්තු 01 සෙනසුරාදා, 21:54
නවතම පුවත්

සිරකරුවන්ට ප්‍රතිකාර කරන්න බන්ධනාගාර වෛද්‍යවරු ලක්ෂ 3ක් ගන්නා ජාවාරමක් හෙළිවෙයි

රටපුරා ක්‍රියාත්මකවන බන්ධනාගාර රෝහල්වලින් ප්‍රතිකාර ලබන සිරකරුවන්ගෙන් ප්‍රතිකාර කරන්නට ඇතැම් රෝහල් වෛද්‍යවරු රුපියල් ලක්ෂ තුනක සිට ඉහළට මුදල් අයකරන ජාවාරමක් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකරන ලෙස සිරකරු අයිතිවාසිකම් සංවිධනයේ ලේකම් නීතීඥ සේනක පෙරේරා ඉල්ලා සිටියි.

කොළඹ දී ඊයේ (10) පැවැති ජනමාධ්‍ය හමුවක දී ඔහු මෙම ජාවාරම පිළිබඳව හෙළිකළේය.
.
මෙය සිරකරුවන් සම්බන්ධයෙන් සිදුකරන මහාපරිමාණ මානව හිමිකම් උල්ලංඝනයක් ලෙස ද ඔහු හැඳින්වීය.

මේ ආකාරයට සිරකරුවන්ට ප්‍රතිකාර සිදුකරන්නම් තම බැංකු පොතෙහි ගිණුම් අංකයට මුදල් තැන්පත් කරන ලෙස බන්ධනාගාර රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගී වු සිරකරවන්ගේ ඥාතින්ගෙන් බන්ධනාගාර රෝහල් වල සේවය කරන වෛද්‍යවරු මුදල් ඉල්ලන බව හෙතෙම කියාසිටියේය.

මේ අනුව දැනට මෙවැනි මුදල් ඉල්ලීම් රැසක් සම්බන්ධයෙන් සිය සංවිධානයට කරුණු අනාවරණය වී ඇති බවත් ඔහු කීය.

ආසන්නම සිදුවීමක් ලෙස මේ වන විට කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට ගාල්ල බූස්ස බන්ධනාගාරයටමාරුකර යැවූ රැදවියකුට රුපියල් ලක්ෂ තුනක් ප්‍රතිකාර සඳහා ලබාදෙන ලෙස ඥාතින්ට දන්වා ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව එම රැදවියාගේ ඥාතිහු රුපියල් ලක්ෂ තුනක මුදල අදාළ වෛද්‍යවරයාගේ බැංකු ගිණුමට බැරකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් හඩපට බැංකු වාර්තා හා සෙසු තොරතුරු අදාළ සිරකරුවාගේ ඥාතීන් සතුව ඇති බව ද නීතිඥ සේනක පෙරේරා කීය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යවරයාට ද, අල්ලස් දුෂණ විමර්ශන අංශවලට ද, මානව හිමිකම් අංශවලට ද පැමිණිලි කරන්නට තිරණය කර ඇති බව ද ඒ හෙතෙම කියාසිටියේය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් විධිමත් පිරික්ෂණයක් සිදුකළ යුතු බවත්, බන්ධනාගාර ‍මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සම්බන්ධයෙන් රටට ප්‍රකාශයක් කළ යුතු බව ද හෙතෙම පැවැසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories