2025 අගෝස්තු 16 සෙනසුරාදා, 07:28
නවතම පුවත්

අවුරුදු 65 වෙනකන් බස් එළවන්න ලයිසන් දෙනවලු !

වෛද්‍යමය වශයෙන් යෝග්‍ය යැයි සළකනු ලබන, වයස අවුරුදු 65 දක්වා වන අයදුම්කරුවන්ට පොදු ප්‍රවාහන රියදුරන් සඳහා වන බලපත්‍ර ලබා දෙන බව ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක පැහැදිලි කර තිබේ.

පාර්ලිමේන්තුව අමතමින් ඇමැති රත්නායක ඊයේ පැවසුවේ, දැනට ක්‍රියාත්මක වන පැරණි නීතියක් පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා තමාට දැනුම් දී ඇති බවයි.

එම නීතියට අනුව වයස අවුරුදු 23ත් 65ත් අතර අයදුම්කරුවන් වෛද්‍යමය වශයෙන් යෝග්‍ය යැයි සළකනු ලැබුවහොත් පොදු ප්‍රවාහන බලපත්‍ර ලබා දෙන බව ප්‍රවාහන ඇමැතිවරයා පැවසීය.

“එම වයස් කාණ්ඩ අතර වෛද්‍යමය වශයෙන් යෝග්‍ය යැයි සළකනු ලබන අයට මගී ප්‍රවාහන බලපත්‍රයක් ලබා දෙනවා, එය වෙනම බලපත්‍රයක්,” ඔහු පැහැදිලි කළේය.

වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ට ලබා දෙන්නේ පෞද්ගලික වාහන බලපත්‍ර පමණක් බවත්, පොදු මගී ප්‍රවාහන බලපත්‍ර නොවන බවත් ඔහු තවදුරටත් පැවසීය.

ඒ අනුව වයස අවුරුදු 60ට වැඩි රියදුරන්ට පොදු ප්‍රවාහන බලපත්‍ර සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බවට ඇමැති රත්නායක සහතික විය.

රාජ්‍ය ආයතනයක් විසින් වයස අවුරුදු 60ට වැඩි අයට පොදු ප්‍රවාහන බලපත්‍ර ලබා නොදෙන බවට දැනුම්දීම සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකින් පසුව ඇමැතිවරයා මෙම පැහැදිලි කිරීම සිදු කළේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories