2025 අගෝස්තු 15 සිකුරාදා, 07:29
නවතම පුවත්

චීනයේ උණ වසංගතය ලංකාවටත් ඇවිත් !

දැනට චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින Human Metapneumovirus (HMPV) රෝගය ශ්‍රී ලංකාවේ අවස්ථා කිහිපයකදී හඳුනාගෙන ඇති රෝගයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

කෙසේවෙතත්, සෞඛ්‍ය බලධාරීන් මහජනතාවට පවසන්නේ, මේ සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස කලබල වීමට හේතුවක් නොමැති බවයි.

කොළඹදී පැවති ජනමාධ්‍ය හමුවක් අමතමින් වෛරස් විද්‍යාඥ වෛද්‍ය ජූඩ් ජයමහ වෛරසයේ ස්වභාවය සහ එහි රෝග ලක්ෂණ පැහැදිලි කළේය.

“HMPV සාමාන්‍යයෙන් කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම සහ සාමාන්‍ය උණ වැනි මෘදු රෝග ලක්ෂණ ඇති කරනවා. සමහර අවස්ථාවලදී, නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතාව හෝ නියුමෝනියාව වැනි වඩාත් දරුණු රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. කෙසේවෙතත්, මෙම සංකූලතා දුර්ලභයි,” වෛද්‍ය ජූඩ් ජයමහ ප්‍රකාශ කළේය.

විශේෂ පරීක්ෂණ හෝ ප්‍රතිකාර අවශ්‍ය නොවන අතරම දින කිහිපයක් ඇතුළත රෝගීන්ගෙන් බහුතරයක් සුවය ලැබීමත් සමඟ වෛරසය බොහෝ අවස්ථාවලදී මාරාන්තික නොවන බව ද ඔහු වැඩිදුරටත් පැහැදිළි කළේය.

“අනවශ්‍ය බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. මෙහි මාරාන්තික ප්‍රතිඵල ගෙන ඒමේ සම්භාවිතාව අතිශයින් අඩුයි. හොඳම ක්‍රියාමාර්ගය විවේකය ලබා ගැනීම සහ රෝග ලක්ෂණ මත වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමයි,” ඔහු වැඩිදුරටත් පැවැසීය.

එමෙන්ම වෛද්‍ය ජූඩ් ජයමහ මහජනතාවට උපදෙස් දෙන්නේ සනීපාරක්ෂාව පවත්වා ගැනීම වැනි මූලික සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන ලෙස සහ රෝග ලක්ෂණ නරක අතට හැරේ නම්, විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු සෞඛ්‍ය තත්ත්වයන් පවතින පුද්ගලයින් නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසයි.

HMPV ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පහත සඳහන් පූර්වාරක්ෂාවන් නිර්දේශ කරයි:

– අවම වශයෙන් තත්පර 20 ක් සබන් ගා පිරිසිඳු ජලයෙන් අත් නිතර සෝදන්න

– පිරිසිදු නොකළ දෙඅත්වලින් ඔබේ මුහුණ ස්පර්ශ කිරීමෙන් වළකින්න

– වසංගත තත්ත්වයන්වලදී ජනාකීර්ණ ප්‍රදේශවල ගැවසෙන්නේ නම් මුව ආවරණ පළඳින්න

– වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රෝගී අවස්ථාවලදී බැහැරට යාමෙන් වැළකී නිවසේ රැඳී සිටින්න

– නිතර ස්පර්ශ වන පෘෂ්ඨයන් නිතිපතා පිරිසිදු කරන්න

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories