2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 05:54
නවතම පුවත්

පොලිසිය ත්‍රීවිල් සැරසිලි වලටත් අත තියයි

ත්‍රිරෝද රථවලට සිදුකර ඇති වෙනස් කිරීම් සහ සැරසිලි සඳහා අවසර දෙනු ලබන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද මාර්ගෝපදේශ අනුගමනය කරන්නේ නම් පමණක් බව පොලිසිය යළි අවධාරණය කරයි.

රථවාහන පාලනය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ අවධාරණය කරන්නේ ත්‍රිරෝද රථයක යම් වෙනසක් සිදු වුවහොත් එහි මුල් මාදිලිය වෙනස් නොකර එය ලියාපදිංචි පොතේ සටහන් කළ යුතු බවයි.

එමගින් පොලිස් නිලධාරීන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා අනුමත කර ඇති වෙනස් කිරීම් පහසුවෙන් හඳුනාගත හැකි බව ඔහු පවසයි.

ත්‍රිරෝද රථ සංගම් සහ සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් 2023 ජූලි 7 වැනි දින සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ත්‍රිරෝද රථ සඳහා නිශ්චිත වෙනස් කිරීම් සඳහා අවසර ලබා දී ඇති බව හපුගොඩ සඳහන් කරයි.

ඒ අනුව සයිරන්, පාට ලයිට්, ඝෝෂාකාරී හෝන් සහ නීති විරෝධී යැයි සැළකෙන වෙනත් වෙනස් කිරීම් ඇතුළු අනවසර දේවල් ඉවත් කිරීමට රියදුරන්ට 2025 ජනවාරි 19 දක්වා සහන කාලයක් ලබා දී තිබේ.

ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා පොලිස් මූලස්ථානය ජනවාරි 5 සිට 19 දක්වා නියමු ව්‍යාපෘතියක් දියත් කර ඇත.

මෙම කාලසීමාවේදී වැරදිකරුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබේ.

සහන කාලයෙන් පසු ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරේ.

මේ අතර, බස් රථ පොලිස් පරීක්‍ෂාව පිළිබඳ වාර්තා වීමත් සමඟ මාර්ග භාවිත කරන්නන්ට තුවාල සිදු විය හැකි උපාංග බස් රථවලින් ඉවත් කරන ලෙස ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය බස් රථ රියදුරන්ට උපදෙස් දී තිබේ.

බස් මගීන්ට මෙන්ම මාර්ගය භාවිත කරන්නන්ටද අවදානම් සහිත උපාංග තිබූ බස් රථවල රියදුරන් 12 දෙනෙකුට එරෙහිව හැටන් පොලිසිය නීතිමය පියවර ගෙන ඇති බව වාර්තා විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories