2026 ජූලි 31 සිකුරාදා, 21:07
නවතම පුවත්

පොල් පෙන්නලා ගංජා විකුණලා

කේරළ ගංජා කිලෝ 10යි ග්‍රෑම් 325ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලීසිය පවසනවා.

ඒ, පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත ඊයේ (04) රාත්‍රීයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 36 හැවිරිදි රාජාංගනය යාය හතර ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

අදාළ සැකකාරිය ‘පොල් ව්‍යාපාරයක්’ කරන මුවාවෙන් ‘කේරළ ගංජා ව්‍යාපාරයක්’ පවත්වාගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඇය යාපනයේ සිට පොල් රැගෙන එන බව පවසා, කේරළ ගංජා රැගෙනවිත් තඹුත්තේගම අවට සහ පුත්තලම ප්‍රදේශයට පොල් අලෙවිකරන මුවාවෙන් ගංජා බෙදාහැර ඇති බවටයි හෙළි වී තිබේ.

පොල් ගෙඩි තොගයක් යට මෙම කේරළ ගංජා සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් සොයාගෙන ඇති බව සඳහන් වේ.

ඇය ප්‍රධාන පෙළේ ගංජා ජාවාරම්කාරියක් බවටයි වැඩිදුරටත් අනාවරණ වී තිබෙනවා.

සැකකාරිය සහ අදාළ කේරළ ගංජා තොගය තඹුත්තේගම මූලස්ථාන පොලිසිය වෙත භාර දී තිබෙනවා.

සැකකාරිය තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම මූලස්ථාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories