2025 අගෝස්තු 16 සෙනසුරාදා, 13:05
නවතම පුවත්

2024-25 බෝඩර් ගවස්කාර්ටෙස්ට් ශූරතාව ඔස්ට්‍රේලියවට

2024 -25 බෝඩර් ගවස්කාර් ටෙස්ට් කුසලානයේ ශූරතාව දිනා ගැනීමට සත්කාරක ඔස්ට්‍රෙලියාව මීට ටික වේලාවකට පෙර (05) සමත් විය.

සිඩ්නි නුවර දී අවසන් වුණු පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගය කඩුලු 06කින් විශිෂ්ට ලෙස ජයගනිමින් ඔස්ට්‍රේලියාව ශුරතාවය දිනාගන්නා ලදි.

ඒ සමගින් ඔස්ට්‍රෙලියාව 2025 ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට පිවිසීමේ බලාපොරොත්තුව ඉටු කරගැනීමට ද සමත් වූ අතර ඒ සමගින් ඉන්දියාවට ලෝක ටෙස්ට් ශූරතා සිහිනය අතහැර දමන්නට සිදුවිය.

තරගයේ ආරම්භක දිනයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක බුම්‍රා පළමු ව පිතිකරණය තෝරාගත් අතර ඔවුන් පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු 185ක් ලැබිය.ඉන්දියාව වෙනුවෙන් පළමු ඉනිමේ දී සාර්ථක වූ එක ම ක්‍රීඩකයා වූයේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් පමණකි.

සෙසු ක්‍රීඩකයින්ට සැලකිය යුතු ටෙස්ට් ලකුණකට යාමට ඔස්ට්‍රෙලියා පන්දු යවන්නන් ඉඩ නොදුන් අතර කඩුලු බිඳ දැමීමේ දී ස්කොට් බෝලන්ඩ් කඩුලු 04ක් බිඳ හෙළිය.

මිචෙල් ස්ටාක් කඩුලු 03ක්, පැට් කමින්ස් කඩුලු 02ක් සහ නෙතන් ලියෝන් එක් කඩුල්ලක් බැගින් බිදහෙළිය.

සිය පළමු ඉනිම ඇරඹි කැන්ගරු පිතිකරුවන්ට පිතිකරණය සිතූ තරම් පහසු වූයේ නැත.ඒ ඉන්දීය වේග පන්දු බලඇණිය හමුවේ ඔස්ට්‍රෙලියාව ද ලකුණු 181කට පළමු ඉනිමේ දී සීමා වීම හේතුවෙනි.සිය මංගල ටෙස්ට් තරගයට එක් වූ බියූ වෙබ්ස්ටර් ලකුණු 57ක් රැස් කළේය.

පළමු ඉනිමේ දී ඉන්දියාව වෙනුවෙන් මොහොමඩ් සිරාජ් සහ ප්‍රසිද්ධ් ක්‍රිෂ්ණා කඩුලු 03 බැගින් බිඳ දැමූ අතර කඩුලු 02ක බැගින් බුම්‍රා සහ නිටිෂ් කුමාර් බිඳ හෙළිය.

කෙසේවෙතත් ඔස්ට්‍රෙලියාවට වඩා පළමු ඉනිමෙන් ලකුණු 04ක් පමණක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිමට පිතිකරණය ඇරඹි ඉන්දීය කණ්ඩායමට යළිත් සුපුරුදු රිද්මයට ම කැන්ගරුවන් හමුවෙ මුහුණදෙන්නට සිදු විය.

ඒ ඉන්දීය පිතිකරණය හෝරා කිහිපයක් තුළ ක්‍රීඩාගාරයේ අසුන් මතට ඇදදැමීමට ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නන් සමත් වීමත් සමගින් ය.දෙවැනි ඉනිමේ දී වැඩිම ඉන්දීය ලකුණුලාභියා වූයේ රිෂාබ් පාන්ට් ය.ඔහු වේගවත් ලකුණු 61ක් ලබාගත්තේය.

තරගාවලියේ එක් ඉනිමක දී පමණක් ශතකයකින් සාර්ථක වූ කෝලි මෙම තරගයේ දී ද අසාර්ථක විම කැපිපෙනුනි.

දෙවැනි ඉනිමේ දී ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ස්කොට් බෝලන්ඩ් පීඩනකාරී පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 06ක් ලකුණු 45කට බිද හෙළිය.
පැට් කමින්ස් කඩුලු 03ක් සහ බියු වෙබ්ස්ටර් එක් කඩුල්ලක් බිඳ හෙළිය.

ඒ අනුව ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 162ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් කඩුලු 04ක් පමණක් දැවී සිය ජයග්‍රහණය සපුරා ගත්තේය.දෙවැනි ඉනිමේ දී උස්මන් කවජා ලකුණු 41යි.

ට්‍රාවිස් හෙඩ් සහ බියූ වෙබ්ස්ටර් නොදැවී තරගයේ ජය ඔවුන් වෙත ගෙන ආ අතර ඔවුන් දෙදෙනා ම පිළිවෙළින් ලකුණු 34 හා 39ක් බැගින් ලබා ගත්තේය.

දෙවැනි ඉනිමට කඩුලු බිඳ හෙලීමේ දී ඉන්දියාව වෙනුවෙන් ප්‍රසිද්ධ් ක්‍රිෂ්ණා කඩුලු 03ක් සහ සිරාජ් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ඒ අනුව ඔස්ට්‍රෙලියාව මෙවර ගවස්කාර් ටෙස්ට් කුසලානයේ තරග 3-1ක් ලෙස ජයගත් අතර එක් දෙපාර්ශ්වයේ තෙවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

තරගයේ වීරයා සම්මානය ස්කොට් බෝලන්ඩ් විසින් දිනාගනු ලැබූ අතර තරගාවලියේ වීරයා වූයේ තරගාවලිය පුරා ම කඩුලු 32ක් බිඳ දමමින් ලකුණු ද 42ක් ලබාගත් ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්‍රා යි

නවතම පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories