2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:12
නවතම පුවත්

ආර්ථික අර්බුදය නිසා කාන්තාවන් අතර අන්තර්ජාල ගණිකා වෘත්තිය වැඩිවෙලා

ජීවන වියදම ඉහළයෑම, රැකියා අවස්ථා හිඟවීම සමඟ රට තුළ පවති ආර්ථික අර්බුදය බොහෝ කාන්තාවන්ට ආර්ථිකමය වශයෙන් අනපේක්ෂිත ගැටළු සඳහා මුහුණපෑමට සිදුව තිබේ.

ආර්ථීක අර්බුදයේ බර උසුලමින් සිටින කාන්තාවන් දහස් ගණනක් ඒ හමුවේ ඉච්ඡාභංගත්වයට පත්වීමත් සමග ආර්ථීක ගැටළු සඳහා විසඳුමක් ලෙස මාර්ගගත ගණිකා වෘත්තිය වෙත යොමුවීමේ තත්ත්වයක් රට තුළ වර්ධනය වෙමින් පවතින බව දක්නට ලැබේ.

ආර්ථිකය ස්ථාවර කිරීමට සහ තිරසාර විසඳුම් ලබා දීමට රජය අසමත් වීම, අවදානමට ලක්විය හැකි ජනගහනය බරපතල අවදානමකට ඇද දමා ඇති අතර, වහාම අවධානය යොමුකළ යුතු දරුණු සමාජ ගැටලුවක් ද ඒ ඔස්සේ හෙළිදරව් වී ඇත.

කොවිඩ්-19 වසංගතය සහ එහි පශ්චාත් සමය තුළ පැන නැගුණු ගැටළු ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට, විශේෂයෙන්ම කාන්තාවන්ට කල්පවත්නා බලපෑමක් ඇති කර ඇත.

ඇඟලුම් කම්හල් සහ වෙනත් සමාගම් වැසීයෑම හමුවේ බොහෝ පිරිසකට රැකියා අහිමි වූ අතර, ඇතැමුන්ට ජීවනෝපායක් වෙනත් විකල්ප නොමැති විය.

රට තවදුරටත් නිල වශයෙන් බංකොලොත් වී නොමැති නමුත් ආර්ථික අස්ථාවරත්වය සැලකිය යුතු අභියෝගයක් ලෙස පවතී.

මෙම කැලඹීම මධ්‍යයේ, කාන්තාවන් ණය, සූරාකෑම සහ ජීවිතය ගෙනයෑමේ අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ පා සිටියි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන විට, කාන්තාවන් සමඟ සමීපව කටයුතු කරන ‘ජාතික කාන්තා එකමුතුව’ නම් රාජ්‍ය නොවන සංවිධානයක් අනාවරණ කරන්නේ, ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 වසරේ සිට ගෘහණියන් 40,000 කට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ජාලය හරහා ගණිකා වෘත්තියට යොමු වී ඇති බවයි.

එහි සභාපති හස්නි සිල්වා පෙන්වා දෙන්නේ, රැකියා අවස්ථා නොමැතිකම සමඟ පොරබදමින් සිටින බොහෝ කාන්තාවන්ට අන්තර්ජාල ගණිකා වෘත්තිය අවසන් විසඳුම බවට පත්ව ඇති බවයි.

කොවිඩ්-19 වසංගතයෙන් පසුව, ඇඟලුම් කම්හල් ඇතුළු බොහෝ සමාගම් වසාදැමීම, කාන්තාවන් අතර විරැකියාව ඉහළයෑමට හේතුවිය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් කාන්තාවන් ඉක්මන් ආදායමක් උපයා ගැනීමේ මාර්ගයක් ලෙස අන්තර්ජාල ගණිකා වෘත්තියට යොමුව තිබේ.

ඇතැම් කාන්තාවෝ ස්පා සහ සුවතා මධ්‍යස්ථානවල රැකියා සඳහා සම්බන්ධ වී සිටිති.

2019 වසරේ සිට එවැනි ආයතන සංඛ්‍යාව 10,000 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ආර්ථික අර්බුදය හා සම්බන්ධ වී පවතී.

කෙසේවෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වශයෙන් ලියාපදිංචි වී ඇත්තේ ස්පා සහ සුවතා මධ්‍යස්ථාන 6,000ක් පමණක් බව පැවසේ.

එවැනි ස්ථානවල අදාළ සේවාව සැපයීම සඳහා පැයකට රුපියල් 3,000 සිට 10,000 දක්වා ගාස්තු අය කෙරෙන බව ද පැවැසේ.

“බොහෝ කාන්තාවන් ගෘහස්ත කටයුතුවල නිරත වෙන ගමන් නිවසේ සිටම ආදායමක් උපයා ගැනීමට උත්සහ කරනවා. බංකොලොත් ලේබලයෙන් රට නිදහස් වී තිබුණත් ආර්ථීක අස්ථාවර භාවය තවම තියෙනවා. මෑතක සිට වැඩි වූ විදුලි බිල සහ විවිධ ගෘහාශ්‍රිත වියදම් සමඟ මෙම ආදායම කාන්තාවන්ට තම පවුල් සඳහා ලැබෙන මුදල ප්‍රමාණවත් නොවන නිසා බොහෝ කාන්තාවන්ට තම ගෘහස්ත රැකියා හෝ ස්වයං රැකියා ව්‍යාපාර කරගෙන යාමට අපහසු වෙලා තිබෙනවා.” හස්නි සිල්වා පැවසුවාය.

එබැවින් ඇය පෙන්වා දෙන්නේ කාන්තාවන් සවිබල ගැන්වීමට සහ ඔවුන්ගේ ස්වයං රැකියා ව්‍යාපාරවල දියුණුවට සහාය වීමට රජය කටයුතු කළ යුතු බවයි.

රටේ ආර්ථිකය කඩාවැටීම සහ පසුකාලීනව ජීවත්වීමේ මාධ්‍යයක් ලෙස ගණිකා වෘත්තියට යොමු වූ කාන්තාවන්ගේ වැඩිවීම සම්බන්ධයෙන් පසුගිය රජයන් වගකිව යුතු බව ද ඇය පවසයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories