රජය මඟින් ලබාදෙන සුබ සාධන දීමනා කිසිවක් අහිමි කිරීමේ සූදානමක් නොමැති බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය සඳහන් කළේ වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන දීමනාව දෙසැම්බර් මාසයෙන් පසුව කප්පාදු කරන බවට සඳහන් කරමින් පළ වී ඇති වාර්තාව අසත්‍ය බවයි.
රජය මඟින් ක්‍රියාත්මක කරන ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු යාවත්කාලීන කිරීමක් සිදු කිරීම ආරම්භ කර තිබේ.