2026 ජූලි 31 සිකුරාදා, 23:06
නවතම පුවත්

මහා පරිමාණ බිළිඳු ජාවාරමක් ගැන හෙළිදරව්වක්

පාකිස්ථානය තුළ ක්‍රියාත්මක මහාපරිමාණ බිළිඳු ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබේ.

එම ජාවාරම යටතේ පාකිස්ථානයේ දිළිඳු පවුල්වල අලුත උපන් බිළිඳුන් මිලියන ගණනට අලෙවි වන බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

මෙම ම්ලේච්ඡ මිනිස් ජාවාරම යටතේ අලුත උපන් කිරිකැටි දරුවන් ‘පශු සම්පත්’ ලෙසින් විශාල මුදලකට විකුණන බව එම ජනමාධ්‍ය වාර්තා කරයි.

අවාසනාවකට මෙන්, අලුත උපන් බිළිඳුන් නීතිවිරෝධී ලෙස මුදලට අලෙවි කිරීමේ වෙළඳාම පාකිස්ථානය තුළ කෙතරම් සංවිධානාත්මක වී ඇත්ද යත්, එය බලධාරීන්ට පාලනය කිරීමට නොහැකි තරම් බව පකිස්තාන ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

පාකිස්ථානය තුළ පවතින දේශපාලන අර්බුදය, ඒ ඔස්සේ දිනෙන දින උඩුදුවමින් ඇති ආර්ථික අර්බුදය දරාගැනීමට නොහැකිව, මූලික අවශ්‍යතා හෝ සපුරා ගත නොහැකි පාකිස්ථානයේ දිළිඳු පවුල්වල මව්පියන් තම අලුත උපන් බිළිඳුන් විකුණා ජීවත් වීමේ තත්ත්වයට පත්ව තිබේ.

පාකිස්ථානයේ ලාහෝර් හි ARY News සිදු කර ඇති ප්‍රධාන හෙළිදරව්වකදී මෙම වෙළඳාමට සම්බන්ධ කණ්ඩායමක් පිළිබඳ අනාවරණ කර තිබේ.

එම අනාවරණයට අනුව පාකිස්ථානයේ දිළිඳු මව්පියන්ට දාව උපදින දරුවන් මිලදී ගන්නා කාණ්ඩ දෙකකි.

ඉන් එක් කාණ්ඩයක් වන්නේ දරුවන් නොමැති නිසා දරුවකු නීත්‍යානුකූල ලෙස ලබාගැනීමට ඉදිරිපත්ව සිටින අඹු සැමියන් ය.

අනෙක් කාණ්ඩය වන්නේ වහල් සේවය සඳහා තරුණ ගැහැණු ළමුන් මිල දී ගන්නා අපරාධකරුවන් බව පැවැසේ.

එම ජාවාරම සම්බන්ධයෙන් අනාවරණ වී ඇති එක් ගනුදෙනුවකදී, දින තුනක් පමණක් වයසැති පිරිමි දරුවෙකු සහ දින 26 ක් වයසැති ගැහැණු දරුවකු පාකිස්ථාන රුපියල් මිලියන 2.3 ක මිලකට විකිණීමට උත්සාහ කළ කණ්ඩායම සොයාගෙන තිබේ.

ගනුදෙනුවේදී ජාවාරම්කරුවන් පිරිමි දරුවාට මිල රුපියල් මිලියන 1.4 ක මිලක් නියම කර ඇති අතර, ගැහැණු ළමයා අලෙවි කර ඇත්තේ රුපියල් 900,000ක මිලකටයි.

වඩාත්ම කණස්සල්ලට පත්වන හෙළිදරව්ව වන්නේ, මෙම දරුවන් ඔවුන්ගේ ජීව විද්‍යාත්මක දෙමාපියන් විසින්ම අපරාධකරුවන්ගේ ජාලයක් හරහා අලෙවි කරන බව අනාවරණය වීමත් සමඟයි.

මෙම සිද්ධියට පෙර අදාළ මිනිස් ජාවාරම් කල්ලිය බිළිඳුන් 25 කට ආසන්න සංඛ්‍යාවක් විකුණා ඇතැයි ද හෙළිවී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories