රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවී එහි දත්ත වෙනස් කර ඇත.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම (SLCERT) මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
මේ අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල යූ ටියුබ් නාලිකාව ද හැක් කර ඇති බව වාර්තා වේ.
එම නාලිකාවට ප්‍රවේශය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.