ශ්‍රී ලංකා පොලිසියේ නිල යූ ටියුබ් නාලිකාවට අනවසරයෙන් ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වී තිබේ.
එමනිසා මේ වන විට එම නාලිකාවට පිවිසීමට නොහැකිවී ඇත.
අපරාධකරුවන් හඳුනාගැනීමට සහ නාලිකාවේ පාලනය යථා තත්ත්වයට පත්කිරීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.