නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට කොකේන් රැගෙන ඒමට උත්සාහ කළ 41 හැවිරිදි කාන්තාවක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
අලුයම 1.50 ට පමණ කටාර් එයාර්වේස් ගුවන් යානයකින් ඝානාවේ සිට පැමිණි සැකකාරිය දකුණු අප්‍රිකානු විදේශ ගමන් බලපත්‍රයකින් ගමන් කරමින් සිට ඇත.
ඇය සන්තකයේ තිබී කොකේන් ග්‍රෑම් 4,068ක් පමණ මත්ද්‍රව්‍ය නාශක පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක සිවලි අරුක්ගොඩ පැවසුවේ, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 142ක් පමණ වන බවයි.