2025 ජූනි 22 ඉරිදා, 03:07
නවතම පුවත්

සියලුම බැංකු ගිණුම්වලට සීයට 10ක බද්ද ගහන බව ඇමැති කියයි

සියයට 10 රැඳවුම් බද්ද සියලු බැංකු තැන්පතු ගිණුම්වලින් බැංකු විසින් කපාගන්නා බව කම්කරු ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඊයේ (26දා) පිළිගත්තේය.

එසේ කපාගත්තත් බදු නොගෙවිය යුතු අයට එම මුදල් නැවත ලබාදෙන යාන්ත්‍රණය රජය විසින් ඉදිරියේදී ඉදිරිපත් කරන බවද ජනාධිපති මාධ්‍ය ඒකකයේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ජනමාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැති ප්‍රනාන්දු කියා සිටියේය.

එවැනි යාන්ත්‍රණයක් සකස් කරන්නැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවත්, ඒ සහනය ලබාගන්නා ක්‍රමවේදය සකසන බවත්, බදු නොගෙවිය යුතු අයට මේ සියයට 10ක රැඳවුම් බද්ද කපාගැනීමෙන් අසාධාරණයක් වීමට ඉඩ නොතියන බවට සහතික වන බවත් ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු කියාසිටියේය.

මේ අනුව ඇමැතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනාවරණය වූයේ, රු. 150,000 ක මාසික පොලී ආදායමක් ලබන අයට පමණක්, වැඩිකළ සියයට 10ක රැඳවා ගැනීමේ බද්ද අදාළ වුවත්, බද්දට යටත් නොවන අයගෙන්, එලෙස කපාගත් මුදල නැවත අදාළ තැන්පත්කරුවන්ට ලබාදීමට ක්‍රමවේදයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි.

මේ අනුව රුපියල් 100ක මාසික පොලී ආදායමක් ලැබුණත් බැංකුවලින් සියයට 10ක රැඳවුම් බද්දක් කපාගන්නා නිසා අදාළ මුදල නැවත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ලබාගැනීමට බස් ගාස්තු වශයෙන්ම ඊට වැඩි මුදලක් දැරීමට සිදුවෙනවා නොවේදැයි මෙහිදී ජනමාධ්‍යවේදීන් ඇමැති ප්‍රනාන්දුගෙන් ප්‍රශ්න කළ අතර, එහිදී ඔහු සඳහන් කළේ ඉදිරියේදී ඒ සියල්ලටම උත්තරය ගෙනෙන බවයි.

රජය පසුගියදා රැඳවුම් බද්ද සියයට 5 සිට 10 ක් දක්වා වැඩ කළේය.

එහෙත් රුපියල් ලක්ෂ එකහමාරක මාසික පොලිය ලැබුණොත් පමණක් මේ බද්දට යටත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.(දිවයින)

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories