2025 ජූනි 21 සෙනසුරාදා, 20:58
නවතම පුවත්

ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන මන්මෝහන් සිං මහතා (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1932 වසරේ වත්මන් පාකිස්තානයට අයත් කොටසක් වන පංජාබ්හිදී උපත ලැබූ ඒ මහතා මිය යන විට වයස අවුරුදු 92ක් විය.

ඉන්දියාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා වන මන්මෝහන් සිං මහතා දෙවරක් ඉන්දීය අගමැති ලෙසින් කටයුතු කර ඇත.

ප්‍රකට ආර්ථික විශේෂඥයෙක් වන ඔහු, ඉන්දීය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛයෙක් ලෙස ද සැලකෙයි.

පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලබාගත් මන්මෝහන් අනතුරුව එංගලන්තයේ කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීය.

සිය අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව ඔහු ඉන්දීය සිවිල් සේවයට එක්වී තිබුණි.

ඔහු එරට මහබැංකු අධිපති ලෙසද කටයුතු කර ඇත.

1991 වසරේදී ඉන්දීය ආර්ථිකය කඩාගෙන වැටුණු අතර එය ගොඩනැගීමේ වගකීම පැවරුණේ මන්මෝහන් ටය.

ඒ අනුව එරට මුදල් අමාත්‍යවරයා ලෙස පත්වූ ඔහු ඉන්දීය ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කළේය.

අද ලෝක ආර්ථිකයේ දැවැන්තයෙක්වන ඉන්දියාව ට ඒ සඳහා මග පෙන්වූවේ ඔහු බව බොහෝ දෙනා පවසති.

මන්මෝහන් සිං මහතා, 2004 වසරේ සිට 2014 දක්වා එරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

ඊට පෙර ඔහු ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබුණි.

ඔහු 2004 වසරේදී ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් වී තිබුණේ, සෝනියා ගාන්ධි එම තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කළ බැවිනි.

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ගේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කතා කිරීමේදී, ඔහු පාකිස්තානය සමග සාම ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියේය. මෙම ක්‍රියාවලියට පාකිස්තාන සටන්කාමීන් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් බාධා ඇති වූ අතර එහි කූටප්‍රාප්තිය වූයේ , 2008 නොවැම්බරයේ මුම්බායි ප්‍රහාරයයි.

වසර 40කට වැඩි කාලයක් වසා දමා තිබූ නාතු ලා ප්‍රවේශ මර්ගය ටිබෙටය වෙත යළි විවෘත කිරීමේ ගිවිසුමකට මැදිහත් වෙමින් චීනය සමග ඇතිවූ දේශසීමා ආරවුල අවසන් කිරීමට ද ඔහු උත්සාහ කළේය.

මන්මෝහන් සිං ඇෆ්ගනිස්ථානයට මූල්‍ය ආධාර වැඩි කළ අතර ඉන්දීය නායකයෙකු ලෙස ඔහු එරට සිදුකළ සංචාරය බොහෝ දෙනාගේ වැඩි අවධානයක් දිනා ගත්තේය.

මන්මෝහන් සිං මහතා සාක් සමුළුවට සහභාගී වීම සඳහා 2008 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.

මන්මෝහන් සිං මහතා මිය යනවිට නවදිල්ලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා විය.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories