2025 ජූනි 22 ඉරිදා, 00:14
නවතම පුවත්

මාස හයකට කල් ගිය පොලිසියේ මාරුවීම්

ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග මාස 06 කින් දීර්ඝ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තීරණය කර තිබේ.

දිවයිනේ ඇති සියලුම පොලිස් ස්ථානවල රාජකාරියේ නියුතු නිලධාරින්ගේ ‘‘වාර්ෂික ස්ථානමාරුවීම් නියෝග දීර්ඝ කිරීම’’ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය මගින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ අත්සනින් යුතුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග අරුණට පැවැසීය.

එම නිවේදනය පෙරේදා (24 වැනිදා) දිවයිනේ සෑම පොලිස් ස්ථානයක් වෙතම යොමු කර තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ 2025 වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කළ යුතු දිනය 2025 ජුනි 30 වන දිනට දීර්ඝ කර ඇතැයි ද වැඩබලන පොලිස්පතිවරයා විසින් දන්වා සිටියි.

අත්‍යවශ්‍ය හේතූන් මත 2025 ජුනි 30 දිනට පෙර වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිලධරයන් සිටී නම්, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් පළාත් මට්ටමින් සකස් කර, නියෝජ්‍ය පොලිස්පති මානව සම්පත් කළමනාකරණ සහ ජාත්‍යන්තර සබඳතා දිසාව වෙත යොමු කිරීමට කටයුතු කළ යුතු බවත් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයේ සඳහන් වේ.

නමුත් රාජකාරි අවශ්‍යතාවය මත 2025 වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීමට මෙම නියෝගය බාධාවක් නොවන බවද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩිදුරටත් දන්වා සිටියි.

වැඩබලන පොලිස්පතිවරයාගේ මෙම තීන්දුවත් සමග දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල රාජකාරි කළ සිය පෞද්ගලික අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් අපේක්ෂාවෙන් සිටි පොලිස් නිලධාරීන් රැසක් දැඩි ලෙස අගතියට පත්වී තිබෙන බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගය ප්‍රකාරව 2025 වාර්ෂික ස්ථානමාරුවීම් ලැබීමට ඉල්ලුම් කර ඇති සහ එය අනුමත වූ පොලිස් නිලධාරීන්ට 2025 ජුනි 30 වන දින තෙක් සිය ස්ථානමාරුවීම් සිදුකර ගැනීමට අවස්ථාවක් නොලැබේ.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories