2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:07
නවතම පුවත්

නැව්වලට පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමග ඉන්දු-චීන අර්බුදයක් නිර්මාණය වෙයිද?

ලබන වසර මුල වන විට විදේශීය පර්යේෂණ යාත්‍රා ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සඳහා පනවා තිබූ වසරක තහනම අවසන් කිරීමට රජය ගත් තීරණයත් සමග රාජ්‍යතාන්ත්‍රික ගැටලුකාරී තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව දැකගත හැකිය.

පසුගිය ආණ්ඩුවට මෙම තහනම පැනවීමට බලකෙරුණේ, චීන පර්යේෂණ යාත්‍රා ශ්‍රී ලංකාව පදනම් කරගනිමින් ඉන්දීය සාගර කලාපයේ සිදුකරන මෙහෙයුම් සහ ඉන්දියාව ඊට දැක්වූ දැඩි විරෝධය හේතුවෙනි.

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ යාත්‍රා නැංගුරම් ලෑම පිළිබඳ මතභේදය පසුගිය සතියේ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි ජනමාධ්‍ය හමුවූ අවස්ථාවකදී මතුකර තිබිණි.

“ඉන්දියාවේ අවබෝධය නම්, ශ්‍රී ලංකා රජය මෙම ප්‍රශ්නය දෙස බලා සිටින බවයි. ඔවුන් සැලකිල්ලට ගත යුතු කරුණු ගණනාවක් තිබේ. සමුද්‍ර ආරක්‍ෂාව, සමුද්‍රීය පර්යේෂණ යනාදී ක්‍රියාකාරකම් රැසක ඉන්දියාවට ඉටුකළ හැකි කාර්යභාරය අපි අපගේ දෘෂ්ටිකෝණයෙන් ඉස්මතු කළෙමු.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබිණි.

“මගේ පෙර ප්‍රකාශවල ද මා සඳහන් කළ පරිදි, මෙම ප්‍රදේශයේ අපගේ ආරක්ෂක අවශ්‍යතාවල වැදගත්කම සහ සංවේදීතාව අපි පෙන්වා දුන්නෙමු. ඉන්දියාවේ ආරක්‍ෂාවට බලපෑම් එල්ල විය හැකි ආකාරයට ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීමට කිසිවකුට ඉඩ ලබානොදෙන බවට සහතික වන බව ජනාධිපති දිසානායක ප්‍රකාශ කළේය. එබැවින්, මෙම සියලු කරුණු සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා රජය සමඟ දිගටම කටයුතු කරන අතර, මෙවැනි වැදගත් කරුණු ශ්‍රී ලංකා රජය විසින් නිසි සැලකිල්ලක් දක්වනු ඇතැයි අපට විශ්වාසයි.” යනුවෙන්ද ඔහු සඳහන් කර තිබිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයෙන් දින කිහිපයකට පසු පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ අමාත්‍ය විජිත හේරත් අවධාරණය කළේ, විදේශීය පර්යේෂණ නෞකා වෙනුවෙන් සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියකට (SOP) සමාන කමිටුවක් සැකසීමට රජය සැලසුම් කර ඇති බවයි.

කෙසේවෙතත් මේ දක්වා එවැනි කමිටුවක් සැකැසීමට සූදානමක් පවතින බවට වාර්තා වන්නේ නැත

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories